ආණ්ඩුව රුසියාව පැත්තට හැරෙන්නෙ බටහිර රටවල අවදානය ගන්නද?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් උපකාර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.

එහි පළමු ලේකම් ඇනස්තසියා හත්ලෝෆා පවසන්නේ, එම ඉල්ලීම පිළිබඳව රුසියානු රජය සලකා බලමින් සිටින බව ය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රටවල් රැසකින් උදව් ඉල්ලා තිබේ.

ඒ අනුව, සෙනසුරාදා (මැයි 28) මෙරටට රුසියානු බොරතෙල් නෞකාවක් ළඟා වීමට නියමිත බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත.

අදාළ නෞකාව ළඟා වීමෙන් පසු පසු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළිත් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවසීය.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව රුසියාවට එරෙහිව අමෙරිකාව ඇතුළු බලවත් රටවල් රැසක් සම්බාධක පැනවීමත් සමග රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම බොහෝ රටවල් ප්‍රතික්ෂේප කර තිබිණි.

ශ්‍රී ලංකාව රුසියාවෙන් බොර තෙල් ආනයනය කිරීමට සහ ඉන්ධන අර්බුදයට රුසියාවෙන් උදව් ඉල්ලීමට පියවර ගෙන ඇත්තේ එවන් පසුබිමක් තුළයි. එහෙත් ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ රුසියාවෙන් තෙල් ඉල්ලීම් හරහා ලංකාවට ඇත්තටම අවශ්‍ය ඇත්තේ බටහිර රටවල අවධානය දිනා ගැනීම බවයි. මේ මොහොතේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ නැවතත් ලෝක බලවතුන් අතර තරඟය තීව්ර විය. එම තත්ත්වයත් සමඟ රුසියාවට එරෙහිව බොහෝ රටවල් විවිධ වාසි තකා නේටෝ බටහිර බලවතුන් වෙත සිය පක්ෂපාතිත්වය පෙන්වමින් සිටියි. රුසියාව අඩු මිලට තෙල් සපයන්නෙකි. පසුගිය සමයේ ආර්ථික අර්බුදයක් තිබියදී වුවත් ලංකාව රුසියාවෙන් තෙල් ගෙන්වූවේ නැත. ඒ වෙනුවට අපි ඉන්දියාවෙන් තෙල් මිලදී ගනිමින් සිටියෙමු. ඉන්දියාව තෙල් මිලදී ගන්නේත් රුසියාවෙන් බව හෙළිව තිබේ.

මේ අනුව ආණ්ඩුව තෙල් ගැනීමට රුසියාවෙන් ඉල්ලා සිටීම යනු බටහිර රටවල අවධානය ලංකාව වෙත යොමුකරවා ගැනීමේ උත්සාහයක්ද යන සැකය ඇතිවේ. මේ මොහොතේ ණය ලබාගැනීම වැනි කරුණුවලදී ආණ්ඩුව බටහිර රටවල ආශිර්වාදය බලපොරොත්තු වන බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...