Breaking News

හිට්ලර්ගේ ඇමති මණ්ඩලය

“පාලනය රට පාලනය” ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා ව්‍යාපාරය විසින් 1986 දී නව රගහලේ ඉදිරිපත් කළ “නිදි නැති නදියේ නාදය” වෙනුවෙන් බර්ටෝලඩ් බ්‍රෙෂ්ට් ගේ “Difficulty of Governing” කාව්‍ය සංකල්ප ඇසුරෙන් කරන ලද අනුවර්තනය.

මැති ඇමතිවරු ඇමතිවරු – සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට – ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය – රට පාලනය
අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව – මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුලින් ඉහළට
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ආගමට සදාචාරෙට වගකියන උතුමන්
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)
නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
මහ ඇමති ගේ අවසරය- මහ ඇමති ගේ අවසරය
නොලැබුනෝත් නම් ඉතින්
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
එහෙම වුනොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට
මහ ඇමතිගෙ අවසරය නොලැබුනොත්
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
මළ බැඳී දිරා යාවී මැෂින්
වදාරතී නිලදරුවෝ දරුවෝ
භක්තියෙන් වගකීමෙන්
දේව බැල්මක් මහා අසිරියක්
මිනිසා තවමත් නගුල් හැදුවත්
ගොවියෝ නොදනී- කිසිම හසරක්
එහෙවු එකේ කැපවී මුළු හදින්
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
පොල් ගසුත් හිටවාවි ගොවියෝ
රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
කෙස් පැලෙන මත ගෙනෙන
ඔළුගෙඩි මොකට කෙරුමන්ට?
යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
දන්නවා නම් ගොවියෝ – ගොවියෝ
කොටස් හිමියන් ඉඩම් හිමියන්
මිහිමතට තවත් මොකට ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
ඇයි රට පාලනය මේ තරමට අසීරු
සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
මුල් කාව්‍ය නිර්මාණය * – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
අනුවර්තිත පද රචනය – විජිත ගුණරත්න
සංගීතය – ප්‍රේමසිරි කේමදාස
ගායනය – ග්‍රැන්විල් රෙඩ්රිගූ, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස්, මාර්ෂල් ජනතා, සුනිල් වේරගොඩ, සුනිල් විජේසිරිවර්ධන, චන්දන ලියනගේ, අමරසිරි පීරිස්, රෙඩ්ලි සිල්වා, නිර්මලා රණතුංග සහ ඇන්ටන් ජූඩ්
*
Difficulty of Governing : Bertolt Brecht (1937)
1
Ministers are always telling the people
How difficult it is to govern.
Without the ministers
Corn would grow into the ground, not upward.
Not a lump of coal would leave the mine if
The Chancellor weren’t so clever.
Without the Minister of Propaganda
No girl would ever agree to get pregnant.
Without the Minister of War
There’d never be a war.
Indeed, whether the sun would rise in the morning
Without the Fuhrer’s permission
Is very doubtful, and if it did, it would be
In the wrong place.
2
It’s just as difficult, so they tell us
To run a factory. Without the owner
The walls would fall in and the machines rust, so they say.
Even if a plough could get made somewhere
It would never reach a field without the
Cunning words the factory owner writes the peasants: who
Could otherwise tell them that ploughs exist? And what
Would become of an estate without a landlord? Surely
They’d be sowing rye where they had set the potatoes.
3
If governing were easy
There’d be no need for such inspired minds as the Fuhrer’s.
If the worker knew how to run his machine and
The peasant could tell his field from a pastry-board
There’d be no need of a factory-owner or landlord.
It’s only because they are all so stupid
That a few are needed who are so clever.
4
Or could it be that
Governing is so difficult only
Because swindling and exploitation take some learning?

leave a reply