නව අගමැතිගෙන් පරණ උත්තර

මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග පවසා තිබේ.

බීබීසී සිංහල සේවය සමඟ මැයි 13 දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි.

“දැනට කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් පඩි ගෙවන්න බැරි වෙනවා රජයේ සේවකයින්ට.”

රනිල් වික්‍රමසිංහ පත්කිරීමත් සමඟ ඇතැම් ආර්ථික ඔස්තාර්ලා පැවසුවේ දැන් රටේ ආර්ථිකය ගොඩයනු ඇති බවයි. රනිල්ගේ පැමිණීමත් සමඟ රුපියල ස්ථාවර වී ඇති බවද ඇතැමුන් පවසන ලදී.

නමුත් රනිල් දවස් දෙක තුනකින්ම ඔවුන්ගේ හුලං බස්සවා තිබේ. රනිල් කියන්නේ මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හැර වෙන විකල්පයක් නැති බවයි. ඊට පෙර සිටි අගමැති යටතේ සිදුවූවේත් මෙවැනිම දෙයකි.රනිල් එන්නට පෙර ආණ්ඩුව විසින් කෙටි කාලයක් තුළ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක්ද පිහිටුවා තිබුණි. නමුත් එම මුදල් මුද්‍රණය හරහා ජනතාවට සිදුවූ සෙතක් නැත. සිදුවූවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාම පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...