නව අගමැතිගෙන් පරණ උත්තර

මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග පවසා තිබේ.

බීබීසී සිංහල සේවය සමඟ මැයි 13 දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි.

“දැනට කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් පඩි ගෙවන්න බැරි වෙනවා රජයේ සේවකයින්ට.”

රනිල් වික්‍රමසිංහ පත්කිරීමත් සමඟ ඇතැම් ආර්ථික ඔස්තාර්ලා පැවසුවේ දැන් රටේ ආර්ථිකය ගොඩයනු ඇති බවයි. රනිල්ගේ පැමිණීමත් සමඟ රුපියල ස්ථාවර වී ඇති බවද ඇතැමුන් පවසන ලදී.

නමුත් රනිල් දවස් දෙක තුනකින්ම ඔවුන්ගේ හුලං බස්සවා තිබේ. රනිල් කියන්නේ මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හැර වෙන විකල්පයක් නැති බවයි. ඊට පෙර සිටි අගමැති යටතේ සිදුවූවේත් මෙවැනිම දෙයකි.රනිල් එන්නට පෙර ආණ්ඩුව විසින් කෙටි කාලයක් තුළ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක්ද පිහිටුවා තිබුණි. නමුත් එම මුදල් මුද්‍රණය හරහා ජනතාවට සිදුවූ සෙතක් නැත. සිදුවූවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාම පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...