ජන අරගලයට කම්කරු ව්‍යාපාරයේ ශක්තියත් එක්වෙයි

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කර තිබූ ජන අරගලයට සහය පල කරමින් දියත් කරනු ලැබූ විරෝධතා පා ගමන ඊයේ (16) දින ප.ව. 3.00 ට රීගල් සිනමා හල අසලින් දැවැන්ත පෙළපාලියකින් ආරම්භව ගෝල්පේස් පිටිය දක්වා ගමන් ගන්නා ලදී.

ඉන් අනතුරුව ගෝල්ෆේස් පිටියේ අරගල භූමියේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ක්‍රියාකාරීන් විසින් රැස්ව සිටින පිරිස අමතන ලදී.

එහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ මෙම අරගලය රාජපක්ෂලා බලයෙන් නෙරපිමෙන් නතර නොවී ජනතා අයිතීන් දිනාගන්නා , කම්කරු අයිතීන් ශක්තිමත් කරන අරගලයක් දක්වා රැගෙන යාමට තමන් සූදානම් බවයි. එසේම අරගලයට සුබ පැතීම වෙනුවට ජනතාව සමඟ එක්ව අරගලයේ යෙදීමට කම්කරු ව්‍යාපාරය සූදානම් බවද මෙහිදී අවධාරණය කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ආණ්ඩුව IMF කොන්දේසිවලට ජනතාව බිලිදීමට සැරසුනහොත් එයට විරුද්ධවද කම්කරු ව්‍යාපාරය ලෙස අරගල කිරීමට සූදානම් බවයි.

මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මෙහිදී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...