2021 දී උගන්ඩා මුදල් නෝට්ටු ප්‍රවාහනය කරා – ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන 2021 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් උගන්ඩාව වෙත සිදුකර තිබෙන ගුවන් ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බවයි ඔවුන් සඳහන් කර තිබේ.

ඒ අනුව 2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩා මුදල් නෝට්ටු ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

එය සම්පුර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමඟින් මෙරටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී ඇති බව බවයි ඔවුන් පවසන්නේ.

එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා.

උගන්ඩාවේ මුදල් ඒකකය 2021 වසර තුල 4ගුණයකින් පමණ එකවර ඉහළ යාම ආර්ථික විශ්ලේෂකයන්ගේගේ අවධානයට ලක් විය.

කෙසේවෙතත් ඇතැම් පිරිස් චෝදනා නගන්නේ රාජපක්ෂලා වංචා සහගතව උපයා ගත් මුදල් ඇමරිකානු ඩොලර් මිලියන් 100,000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කර ඇති බවයි.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...