Breaking News

මල් දුන්න අන්තරේට පොලීසියෙන් කඳුළු ගෑස්

අද පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අවස්ථාවේ පාර්ලිමේන්තුව අසල ඇති මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාවයේ යෙදුණු තරුණියක් රෝස මලක් ලබා දුන්නා.

“ඔයාලටත් නංගිලා,මල්ලිලා,අක්කලා,අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න” යනුවෙන් ඇය එහිදී පැවසුවා.

පසුගිය දින කිහිපය පුරාවටම මෙරට ජනතාව ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත වූ බැවින් පාර්ලිමේන්තු පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.

කෙසේ නමුත්, ඉන් පසුව පාර්ලිමේන්තුව අසල විරෝධතාවය නිරත සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

 

leave a reply