මල් දුන්න අන්තරේට පොලීසියෙන් කඳුළු ගෑස්

අද පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අවස්ථාවේ පාර්ලිමේන්තුව අසල ඇති මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාවයේ යෙදුණු තරුණියක් රෝස මලක් ලබා දුන්නා.

“ඔයාලටත් නංගිලා,මල්ලිලා,අක්කලා,අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න” යනුවෙන් ඇය එහිදී පැවසුවා.

පසුගිය දින කිහිපය පුරාවටම මෙරට ජනතාව ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත වූ බැවින් පාර්ලිමේන්තු පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.

කෙසේ නමුත්, ඉන් පසුව පාර්ලිමේන්තුව අසල විරෝධතාවය නිරත සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...