Breaking News

ගෝඨා ගෙදර යවනව. ඊට පස්සෙ?

මවිසින් අසන ලද වාක්‍ය දෙකක ප්‍රශ්නයක් නිසා දේශපාලනික සවිඥානික බවින් අනූන, උඩින් සදා ෆේස්බුක් දේශපාලනයේද , යටින් ‘අයිඩියා හෙල්’ අත යට බලු ඩීල්වල ද නිරත වන ඇතැම් බබ්බුන්ගේ දේශපාලනික තෙවන ඇස ඇරී තිබේ.

සරල වාක්‍ය දෙකක් තේරුම් ගන්න බැරි තරම් බුද්ධිමත් , කාලෙන් කාලෙට එක එකා වේදිකාවට දක්කාගෙන එන්නට කැම්පේන් කරන, තක්කඩි , ඡන්ද කාලෙට දේශප්‍රේමී දැයේ දුවා දරුවනි,

ගෝටා අවුල් බව අපට පෙනේ. (පෙනුනේ මීට අවුරුදු 14 කට කලින් ඉඳලාය)

ගෝටා වෙනුවට තව තව තනි ඔළු ගෙඩි පෙන්වා ජනතාව ගොනාට අන්දා මේ සෙක්කුවේම රට කරකවන්නට පාන අල්ලන ඔය බබාලාවද අපට පෙනේ.

ගෝ⁣ටාටයි, රාජපක්ෂලටයි, ප්‍රේමදාසලටයි, වික්‍රමසිංහලටයි, ඉතිහාසය පුරා මාරුවෙන් මාරුවට මේ තක්කඩින්ට සක්ක ගැහුව ජවිපෙටයි , අමු තක්කඩි සහ මොට්ට ඔයාලටයි ගිය රට ය.

රට පාලනය කරන්නේ ද ආර්ථික අර්බුදයට වග කියන්න ඕනෑද එක පිස්සෙක් විතරය කියමින් තිරය පිටිපස්සේ බිස්නස් සෙල්ලම දැන දැන වහන, තමන්ගේ කම්ෆර්ට් බබල් එක චූට්ටක් හෙලවුනාම විතරක් හානී කියා විප්ලවේ මතක් වෙන තක්කඩි මධ්‍යම පන්තියට විතරක් හෙණ ගැහෙනවා නම් ඇත්තටම හොඳය.

කණගාටුව පිල් මාරු සෙල්ලම් කරන දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට තඹේක දෙයක් නොකර , එක තක්කඩි රැලක් පන්නා තව තක්කඩි බලයට ගේන්නට රෙදි ගලවං නටන ඔහේලා නිසා අවුරුදු හැත්තෑවක් තිස්සේ වේල දෙවේල නොකා ඉන්න ජනතාව ගැනය.
ඔළු මාරු කර රට ගොඩ ගන්නට පුලුවන් බව කියමින් දහ අතේ දිවුරන මුග්ධ රැළක් අතර වසන්නට සිදුවී ඇති අපි ගැනය.

තක්කඩි කමේ විෂම චක්‍රයට ජය !

ප.ලි. ලිට්මස් එකක්
පලමු ⁣කමෙන්ටුවේ ඇති හෝමෝ සේපියන්ස්ලා සහ ලංකාව ගැන සටහන කියවා ඇති ගනන බැලු බැල්මට තිස් ගනනකි. කමෙන්ට්ස් දෙක තුනකි.
සරල ප්‍රශ්නය වැරදි කොනෙන් අල්ලගෙන “හනී බලන්න ගෝටා තියා ගන්න හදනවාහ්” කියා වැලලෙන්නට ඇති දැවෙන උනන්දුව ඊට සපුරා පටහැණිය.

කල්පනා ඇම්බ්‍රෝස්

leave a reply