ගෝඨා ගෙදර යවනව. ඊට පස්සෙ?

Date:

මවිසින් අසන ලද වාක්‍ය දෙකක ප්‍රශ්නයක් නිසා දේශපාලනික සවිඥානික බවින් අනූන, උඩින් සදා ෆේස්බුක් දේශපාලනයේද , යටින් ‘අයිඩියා හෙල්’ අත යට බලු ඩීල්වල ද නිරත වන ඇතැම් බබ්බුන්ගේ දේශපාලනික තෙවන ඇස ඇරී තිබේ.

සරල වාක්‍ය දෙකක් තේරුම් ගන්න බැරි තරම් බුද්ධිමත් , කාලෙන් කාලෙට එක එකා වේදිකාවට දක්කාගෙන එන්නට කැම්පේන් කරන, තක්කඩි , ඡන්ද කාලෙට දේශප්‍රේමී දැයේ දුවා දරුවනි,

ගෝටා අවුල් බව අපට පෙනේ. (පෙනුනේ මීට අවුරුදු 14 කට කලින් ඉඳලාය)

ගෝටා වෙනුවට තව තව තනි ඔළු ගෙඩි පෙන්වා ජනතාව ගොනාට අන්දා මේ සෙක්කුවේම රට කරකවන්නට පාන අල්ලන ඔය බබාලාවද අපට පෙනේ.

ගෝ⁣ටාටයි, රාජපක්ෂලටයි, ප්‍රේමදාසලටයි, වික්‍රමසිංහලටයි, ඉතිහාසය පුරා මාරුවෙන් මාරුවට මේ තක්කඩින්ට සක්ක ගැහුව ජවිපෙටයි , අමු තක්කඩි සහ මොට්ට ඔයාලටයි ගිය රට ය.

රට පාලනය කරන්නේ ද ආර්ථික අර්බුදයට වග කියන්න ඕනෑද එක පිස්සෙක් විතරය කියමින් තිරය පිටිපස්සේ බිස්නස් සෙල්ලම දැන දැන වහන, තමන්ගේ කම්ෆර්ට් බබල් එක චූට්ටක් හෙලවුනාම විතරක් හානී කියා විප්ලවේ මතක් වෙන තක්කඩි මධ්‍යම පන්තියට විතරක් හෙණ ගැහෙනවා නම් ඇත්තටම හොඳය.

කණගාටුව පිල් මාරු සෙල්ලම් කරන දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට තඹේක දෙයක් නොකර , එක තක්කඩි රැලක් පන්නා තව තක්කඩි බලයට ගේන්නට රෙදි ගලවං නටන ඔහේලා නිසා අවුරුදු හැත්තෑවක් තිස්සේ වේල දෙවේල නොකා ඉන්න ජනතාව ගැනය.
ඔළු මාරු කර රට ගොඩ ගන්නට පුලුවන් බව කියමින් දහ අතේ දිවුරන මුග්ධ රැළක් අතර වසන්නට සිදුවී ඇති අපි ගැනය.

තක්කඩි කමේ විෂම චක්‍රයට ජය !

ප.ලි. ලිට්මස් එකක්
පලමු ⁣කමෙන්ටුවේ ඇති හෝමෝ සේපියන්ස්ලා සහ ලංකාව ගැන සටහන කියවා ඇති ගනන බැලු බැල්මට තිස් ගනනකි. කමෙන්ට්ස් දෙක තුනකි.
සරල ප්‍රශ්නය වැරදි කොනෙන් අල්ලගෙන “හනී බලන්න ගෝටා තියා ගන්න හදනවාහ්” කියා වැලලෙන්නට ඇති දැවෙන උනන්දුව ඊට සපුරා පටහැණිය.

කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...