ජනතාව ජනාධිපති අමතමින් සිටින අතර ජනාධිපති ජාතිය අමතන්න සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 16 වන බදාදා දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ජාතිය අමතන වේලාව පිළිබඳව තවමත් නිවේදනය කර නැහැ. මෙම ප්‍රවෘත්තිය නිවේදනය වීමත් සමඟ සමාජ ජාල තුළ මේ පිළිබද කතා බහක් ඇතිව තිබේ.

එහිදී බහුතර පිරිසකගේ මතය වී තිබුණේ ජනාධිපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඒවා හුදු බයිලාවක් වීමට නියමිත බවත්ය.

පොදුවේ සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයාට එරෙහිව විශාල විරෝධයක් ගොඩනැගෙමින් ඇත. එහිදී #GoHomeGota හෑෂ්ටැගය මීට දින කිහිපයක පටන් ක්‍රියාත්මක වන අතර ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ එමගින් බලකෙරුණේ ජනාධිපති ගෝඨාභය මහතාට බලය අතහැර යළිත් ඇමරිකාව වෙතම යන ලෙසයි.

එම හෑෂ්ටැගය භාවිතා කරමින් ඇතැමෙක් ජනාධිපතිවරයාගේ පුත් මනෝජ් රාජපක්ෂ අමතමින් සටහන් කර තිබුණේ සිය පියාව යළිත් ඇමරිකාවේ ඇති ඔවුන්ගේ නිවස වෙත කැඳවා ගන්නා ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...