Breaking News

ජනතාව ජනාධිපති අමතමින් සිටින අතර ජනාධිපති ජාතිය අමතන්න සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 16 වන බදාදා දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ජාතිය අමතන වේලාව පිළිබඳව තවමත් නිවේදනය කර නැහැ. මෙම ප්‍රවෘත්තිය නිවේදනය වීමත් සමඟ සමාජ ජාල තුළ මේ පිළිබද කතා බහක් ඇතිව තිබේ.

එහිදී බහුතර පිරිසකගේ මතය වී තිබුණේ ජනාධිපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඒවා හුදු බයිලාවක් වීමට නියමිත බවත්ය.

පොදුවේ සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයාට එරෙහිව විශාල විරෝධයක් ගොඩනැගෙමින් ඇත. එහිදී #GoHomeGota හෑෂ්ටැගය මීට දින කිහිපයක පටන් ක්‍රියාත්මක වන අතර ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ එමගින් බලකෙරුණේ ජනාධිපති ගෝඨාභය මහතාට බලය අතහැර යළිත් ඇමරිකාව වෙතම යන ලෙසයි.

එම හෑෂ්ටැගය භාවිතා කරමින් ඇතැමෙක් ජනාධිපතිවරයාගේ පුත් මනෝජ් රාජපක්ෂ අමතමින් සටහන් කර තිබුණේ සිය පියාව යළිත් ඇමරිකාවේ ඇති ඔවුන්ගේ නිවස වෙත කැඳවා ගන්නා ලෙසයි.

leave a reply