Breaking News

IOC එක තෙල් මිල වැඩිකර නිසා අපිටත් වැඩිකරන්න වෙයි – ඩලස් අලහප්පෙරුම

ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ, අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන මිල ඉහළ නොදමා සිටීමට හැකිතාක් දුරට උත්සාහ කරන බවයි.

 

leave a reply