පඩියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදිනවා – ප්‍රසන්න රණතුංග

ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඒ, රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින්.

ලබන වැටුපට සාධාරණය ඉටු කිරීම ඔවුන්ගේ වගකීමක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා. මේක මගේ තාත්තා මට කියලා දුන්නු දෙයක්. අද මම මේ ඇමති කෙනෙක් විදිහට මේ වරප්‍රසාද ලබන්නේ ජනතාවගේ මුදල්වලින්.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...