දින 105ක් සිරගතව සිටි සිසු ජන ක්‍රියාකාරීන් ඇප ලබා සිරමැදිරියෙන් නිදහස් වෙති!

දින 105 ක කාලයක් සිරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් 5 දෙනා අද(15) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කරනු ලැබිණි.

පසුගිය 11 වැනිදා ඔවුන්ට ඇප ලබා දීමට හෝමාගම මහාධිකරණය දුන් නියෝගය ඉන්පසු දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදී තිබුණි. නමුත් සිරගත කළ 5 දෙනා අද දින අධිකරණය වෙත කැඳවා ඔවුන් ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.

අගෝස්තු 3 වැනිදා කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තුව අසළ පැවති ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ’ විරෝධතාවට සහභාගි වීම සහ රාජ්‍ය දේපළ හානි කිරීම සම්බන්ධ ඔවුන් ඇප ලබා දිය නොහැකි ආකාරයෙන් චෝදනාවට ලක් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...