ගුරු , විදුහල්පති අරගලයට දෙමව්පියන්ගේත් සහය – දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිදුකරනු ලබන ගුරු වැටුප් විෂමතා අරගලයට සහය පළ කරමින් අද දිනයේ දිවයින පුරා පාසල් රැසක දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබේ.

මේ අනුව පාසල් ගේට්ටුව ඉදිරිපිට විරෝධතා බැනර ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවල නිරත වී ඇත. මෙම දෙමව්පියන් ඉල්ලා සිටින්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසදනු, අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු, පාසල් නඩත්තුවට දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම නවතනු, නිදහස් අධ්‍යාපන අයිතිය සුරකිනු යන්නයි.

මෙම විරෝධතා මාලාවේ ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ ආමර් වීදියේ පැවැත්වුණු අතර එයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී විය.

පාසල් තුළ ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන අතර තුර ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් දෙමව්පියන් මෙලෙස උද්ඝෝෂණ සංවිධානය කර තිබුණු අතර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබිය යුතු බවයි.

එසේ නොවන්නේ නම් තවදුරටත් මෙම අරගලට තීව්‍ර වනු ඇති බව ඔවුන් පවසයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...