නම් ගොඩක් වෙනුවට එක නමක්

facebook සමාගම තම මව් සමාගමේ නම ‘මෙටා’ ලෙස වෙනස් කර තිබේ.

‘මෙටා’ යන නව සන්නාමයෙන් තම මවු සමාගම මින් ඉදිරියට හැඳින්වුවත්, facebook සමාජ මාධ්‍යයේ නම එලෙසින්ම පවතිනු ඇති බව ද මාර්ක් සකර්බර්ග් පැවැසීය.

‘facebook’ මවු සමාගමට ‘facebook’ ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාලා කීපයක් අයත් වෙයි. ඒවා මාර්ක් සකර්බර්ග් විසින් මිලදී ගෙන ෆේස්බුක් ජාලයට සම්බන්ධ කර ඇත. එම සමාජ මාධ්‍ය ජාලා වන්නේ ‘මැසෙන්ජර්’, ‘වට්ස්ඇප්’, ‘ඉන්ස්ටග්‍රෑම්’ ආදියයි. ඊට අමතරව ‘වර්චුවල් රියැලටි’ තාක්ෂණ මෙවලම් ද ඊට අයත් වෙයි. මින් ඉදිරියට මේ සියල්ල පොදුවේ හැඳින්වෙනු ඇත්තේ ‘මෙටා’ යනුවෙනි.

‘වර්චුවල් රියැලටි’ තාක්ෂණ ‘මෙටා’ සමාගමට ඇතුළත් කෙරෙන්නේ සකර්බර්ග් විසින් මිලදී ගනු ලැබ ඇති ‘ඔකලස්’ සමාගම හරහාය. මෙමගින් ත්‍රිමාණ තාක්ෂණයෙන් පරිගණක ක්‍රීඩාවලට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...