මාව පත්කරේ හාල්, පරිප්පු වල ගාණ බලන්න නෙවෙයි – ගෝඨාභය රාජපක්ෂ

ජනතාව තමාව තෝරාපත් කරගත්තේ පරිප්පු හෝ සහල් වල මිල බැලීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ, උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමින්.

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම බවත් දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් බවත් එදා යුද්ධයට අතනොගසන්නැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී පවසන ලදි.

තමාට අවශ්‍ය ඡන්දය නොව, ජනතාවට නිවැරදි දේ කිරීම බවත්; නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිවරයා පවසනවා.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බවත් පැවසූ ජනාධිපතිවරයා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බවත් පවසා සිටියා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...