පාසල් විවෘත කරන්න පුළුවන්නම් ඇයි විශ්වවිද්‍යාල විවෘත කරන්න බැරි – අන්තරේ ප්‍රශ්න කරයි

කිසිඳු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව කඩිමුඩියේම පාසල් ආරම්භ කිරීමට හැකිවීමත්, වසර දෙකකට ආසන්න කාලයක් පුරා වසා දමා තිබෙන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු නොකිරීමත්, පිළිබඳව කරුණු විමසමින් අ.වි.ශි.බ.ම අද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කළ අතර ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු අනාවරණය කරන ලදී.

මාධ්‍ය හමුවේදී අ.වි.ශි.බම වෙනුවෙන් අදහස් දැක්වූ ගල්වැව සිරිධම්ම හිමියන් ප්‍රකාශ කළේ පාසල් හදිසියේ ආරම්භ කිරීමත්, විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබීමත් ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත සිදුකරන බවයි.

අධ්‍යාපනඥයින් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ ගුරු සංගම් එක්ව සාකච්ඡා කර විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය වැඩ පිළිවෙල හිටපු අධ්‍යාපන ඇමතිවරයාට ලබා දුන් බවත් මේ වන තෙක් වගකිව යුතු සියලුම දෙනා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ ආණ්ඩුවේ උවමනාව මත බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙයි.

මෙරට පාසල් ශිෂ්‍යයන් ලක්ෂ 40ක් පමණ සිටින බවත් විශ්ව විද්‍යාලවල සිටින්නේ ශිෂ්‍යයන් 160 000ක්, ආචාර්යවරු 6400ක් සහ අනධ්‍යන සේවකයින් 15 000 පමණක් බවත් මෙම පිරිස් වයස අවරුදු 18ට වැඩි පිරිස් බැවින් බහුතරය එන්නත් කරණය පවා සිදුකර ඇති බවඅ මෙහිදී පෙන්වා දී ඇත.

එබැවින් ආණ්ඩුවේ උවමනාව මත විශ්ව විද්‍යාල ආරම්භ කිරීම තව දුරටත් ප්‍රමාද නොකට කඩිනමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සදහා කටයතු කළ යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...