හමුදා ඔත්තු සේවා නිලධාරීන් පෙ.ස.ප. මාධ්‍ය හමුවකට රිංගන්න හදයි

අද(10) නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට සුළු මොහොතකට පෙර මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් හමුදා ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනෙක් පැමිණ තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ එම දෙදෙනා තම පක්ෂ කාර්යාලයේ සිටි පිරිස විසින් මාධ්‍යවේදීන් නොවන බව හඳුනාගෙන ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් හමුදා නිලධාරීන් බව පිළිගෙන ඇති බවයි. පුබුදු ජයගොඩ පවසන ආකාරයට ඔවුන් පැමිණ ඇති බව පවසා ඇත්තේ අවට ගෙවල් ගැන සොයා බැලීම සඳහායි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

” ගෙවල් ගැන හොයලා බලන්න හමුදාවට බලයක් නැහැ. අඩුම ගානෙ පොලිසිය නම් ආවේ පොලීසියට එහෙම කිරීම සඳහා නෛතික බලයක් තියෙනවා. හමුදාවට එහෙම නෛතික බලයක්වත් නැහැ. මේ නිලධාරීන් එන්නෙ සිවිල් පිට. මේ පරිශ්‍රයට ඇතුල් වීමේදී තමන් කවුද කියලා හඳුන්වා දීලා අවසරයක් ගන්නෙ නැහැ. අපි මේක සම්බන්ධ ගතහැකි ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ ගැන පොලිසියටත් පැමිණිල්ලක් කරනවා. ඒකෙන් වැඩක් වෙයිද දන්නෙ නෑ. ඒ වගේම මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතනවලටත් මේක සම්බන්ධයෙන් දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. හමුදාව බලනවා නම් ගෙවල්වල කුස්සියට ගිහින් බලන්න. දැන් මේ ජීවන වියදම වැඩිවීමත් එක්ක මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද කියලා. නිදන්ගත රෝග තිබෙන රෝගීන්, පිළිකා රෝගීන්ට තමන්ට අවශ්‍ය බෙහෙත් නැතිව කොතරම් අසරණ වෙලා ඉන්නවද කියලා ගිහින් බලන්න. ඔන්ලයින් අධ්‍යාපනය ඇතුලේ ළමයින්ට වෙලා තියෙන පීඩාව ගෙවල් ඇතුළට ගිහින් බලන්න පුළුවන්. ඒවා බලන්න නෙමෙයි මේ එන්නෙ. ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරිත්වය නවත්තන්න තමයි මේ එන්නෙ.”

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...