වකුගඩු ජාවාරම් පිලිබඳ චෝදනා ලැබූ වෛද්‍යවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහලට 

නීති විරෝධී වකුගඩු ජාවරම් වලට සම්බන්ධවී සිටින රංග මිගාර වීරක්කොඩි නම් වෛද්‍යවරයා පොලොන්නරුව රෝහලේ සිට මාතර දිස්ත්‍රික් මහ රෝහලට මාරු කොට තිබේ.

වෛද්‍ය  රංග මිගාර වීරක්කොඩි යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන විට ඔහු ලේඛනගත කිරීමකින් තොරව  වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්‍ෂා කොට ඔවුන්ව වකුගඩු දායකයන් ලෙස පුද්ගලික රෝහල් වෙත යවා තිබූ බව රාවය සහ දිවයින පුවත්පත් විසින් වාර්තා කරන ලදි. මෙසේ ද්‍රවිඩ තරුණයන් පුද්ගලික රෝහල් වෙත යොමු කිරීමෙන් ඔහු විශාල මුදලක් උපයාගෙන තිබේ.

ඉන් පසු ඔහුව පොලොන්නරුව රෝහලට මාරු කරන ලද අතර  වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගේ මිනිස් අවයව ජාවාරම් පිලිබඳව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා ඇතුළු කාර්‍යමණ්ඩලය සෝදිසියෙන් සිටි අතර පොලොන්නරුව රෝහලේදී ඔහුට නීති විරෝධී කූට වකුගඩු සායන පැවැත්වීමට ඉඩකඩ නොවීය. එහෙත් පොලොන්නරුව රෝහලේදී  රංග මිගාර වීරක්කොඩි  විකල්ප මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස රෝගීන් විශාල ප්‍රමාණයක් ඩයලයිසිස් කිරීම සඳහා කොලඹ සහ කුරුණෑගල පෞද්ගලික රෝහල් වලට යවමින් කොමිස් ලබා ගැනීම කරන ලදි.

රංග මිගාර වීරක්කොඩි  පිලිබඳ ලැබුණු පැමිණිලි නිසා මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (හදිසි වැටලීම් ) ඩී.එම් .සී.කේ දිසානායක මහතා විසින් ඔහු පිලිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලදි. එහෙත් වකුගඩු මාෆියාවේ බලපෑම් මත  පරීක්‍ෂණය මේ වන විට  එම පරීක්‍ෂණය යට ගසා ඇත.

නීති විරෝධී මිනිස් අවයව ජාවාරම්කාරයෙකු වන රංග මිගාර වීරක්කොඩි  මාතර දිස්ත්‍රික් මහ රෝහලට පැමිනීම ව්‍යසනයක ආරම්භයක් බවත් නීති ගරුකව සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට හා වෛද්‍ය වෘත්තියට ඔහු අවමානයක් බවත් එක් ජේෂ්ඨ වෛද්‍යවරෙකු පෙන්වා දුන්නේය.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...