ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසදුම් වෙනුවට මර්දනය

ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට තර්ජනය කළායැයි යන චෝදනා මත ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරිනියක් වන ශ්‍රීනි නිලීකා ද සිල්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස කැඳවා ඇත.

මෙම කැඳවීම අනුව, අද එකී ගුරු සංගම් නියෝජිතයන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන අවස්ථාවේ ඔවුන් වෙත සහාය පළ කිරීමට සියලුම ගුරු හා විදුහල්පති සංගම් නායකයන් පැමිණ සිටි බව වාර්තා වේ.

පසුගියදා පොදුජන එක්සත් පෙරමුණ ගුරු සංගමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගුරු සංගමයත් පොලිසිය භාර ඇමති සරත් වීරසේකර සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ කැඳවීම සිදුකර ඇති බව ගුරු සංගම් නායකයෝ පෙන්වා දෙති.

ගුරු අරගලයේ ඉල්ලීම් ලබාදීම පසෙක තබා ආණ්ඩුව විසින් ගෙන යන ගුරු විදුහල්පති මර්දනය තීව්‍ර කරමින් සිටින ආකාරය දිගින් දිගටම දක්නට ලැබේ. පසුගියදා පොලිස්පතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට තර්ජනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කරමින් මර්දනයට අවශ්‍ය පසුබිම සකසා ගන්නා ලදී.

අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරිනියක් වන ශ්‍රීනි නිලීකා ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඇයට නගා ඇති චෝදනාව වන්නේ තත්පර 21ක් තුළ ගුරුවරයෙකුට තර්ජනයක් සිදු කිරීම බවයි. එහිදී ඇය ප්‍රශ්න කර සිටියේ තත්පර 21ක් තුළ යම්කිසිවෙකුට තර්ජනයක් සිදුකළ හැක්කේ කෙසේද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...