Breaking News

රසායනික ඒවත් නෑ කාබනික ඒවත් නෑ – කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තියට එරෙහිව ගොවීන් විරෝධතාවයක

කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙසත් කෘෂිකර්මාන්තයට ඇත්ත වැඩපිළිවෙලක් සකසන ලෙසද බලකරමින් බණ්ඩාරවෙල හීල්ඔය, කිතල්ඇල්ල එළවලු ගොවින් විරෝධතාවයක නිරත වී තිබේ.

එම ගොවීන් පවසන්නේ මේ වනවිට ආණ්ඩුව රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර වෙත මාරුවිය යුතු බව පැවසුවත් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර යන දෙකින් එකක්වත් ලබාදී නැති බවයි. එසේම දැනට භාවිතා වෙන බීජ සඳහා වගා කරන මුල් අවස්ථාවේ සිටම පොහොර අවශ්‍ය වී තිබෙන නිසා ගොවීන් ඉතා අසීරුතාවයකට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

මෙම ගොවීන් වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුවේ කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය නිසා ගොවීන්ට තම වගාවන් නිසි පරිදි කරගෙන යාමට නොහැකිවීම හරහා රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි.

 

leave a reply