රසායනික ඒවත් නෑ කාබනික ඒවත් නෑ – කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තියට එරෙහිව ගොවීන් විරෝධතාවයක

කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙසත් කෘෂිකර්මාන්තයට ඇත්ත වැඩපිළිවෙලක් සකසන ලෙසද බලකරමින් බණ්ඩාරවෙල හීල්ඔය, කිතල්ඇල්ල එළවලු ගොවින් විරෝධතාවයක නිරත වී තිබේ.

එම ගොවීන් පවසන්නේ මේ වනවිට ආණ්ඩුව රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර වෙත මාරුවිය යුතු බව පැවසුවත් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර යන දෙකින් එකක්වත් ලබාදී නැති බවයි. එසේම දැනට භාවිතා වෙන බීජ සඳහා වගා කරන මුල් අවස්ථාවේ සිටම පොහොර අවශ්‍ය වී තිබෙන නිසා ගොවීන් ඉතා අසීරුතාවයකට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

මෙම ගොවීන් වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුවේ කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය නිසා ගොවීන්ට තම වගාවන් නිසි පරිදි කරගෙන යාමට නොහැකිවීම හරහා රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...