අවසන් සති දෙක තුළ කොවිඩ් ව්‍යාප්තිය දැක්වෙන දත්ත සිතියමක් නිකුත් වෙයි

ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් එළිදක්වා තිබේ. ඒ මෙරට එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අනුවයි.

මේ අතර මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,327 දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට හමු වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් එම පිරිසෙන් එක් ලක්ෂ 97,259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 35,729 දෙනෙකු පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබේ.

ඊයේ දිනයේ කොරෝනා මරණ 55ක් මෙරටදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. පිරිමි පුද්ගලයින් 32නෙකු සහ කාන්තාවන් 23 දෙනෙකු එම පිරිසට අයත් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...