අවසන් සති දෙක තුළ කොවිඩ් ව්‍යාප්තිය දැක්වෙන දත්ත සිතියමක් නිකුත් වෙයි

ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් එළිදක්වා තිබේ. ඒ මෙරට එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අනුවයි.

මේ අතර මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,327 දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට හමු වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් එම පිරිසෙන් එක් ලක්ෂ 97,259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 35,729 දෙනෙකු පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබේ.

ඊයේ දිනයේ කොරෝනා මරණ 55ක් මෙරටදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. පිරිමි පුද්ගලයින් 32නෙකු සහ කාන්තාවන් 23 දෙනෙකු එම පිරිසට අයත් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...