සමාජ මාධ්‍යවල පළවන පරිසරික විනාශයන් ගැන තොරතුරු සත්‍යදැයි සෙවීමට නිලධාරීන් 323 බඳවා ගන්න යයි

පාරිසරික විනාශයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වන තොරතුරු සත්‍යක්ද අසත්‍යක්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි පරිසර අමාත්‍ය මහින්ද අමරාවීර පවසා ඇත්තේ මේ සඳහා ප්‍රාදේශීය නිලධාරීන් 323 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බඳවා ගන්නා බවයි.

පාරිසරික විනාශය පිළිබඳ අසත්‍ය තොරතුරු පළ කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබේ.

වනාන්තර විනාශය, නීති විරෝධී පතල් කැණීම්, නීති විරෝධී ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිරෙමින් පවතින බැවින් විශේෂ ඒකකයක් ස්ථාපිත කරමින් සිටින බව අමාත්‍ය අමරාවීර පවසයි.

විශේෂ ඒකකය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 323 කටම එක් නිලධාරියෙකු බඳවා ගන්නා බවත්, තොරතුරු සත්‍යාපනය සඳහා අදාළ ප්‍රදේශවල පරිසර ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධීකරණය කළ යුතු බවත් ඔහු පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...