සමාගම් 3ක් ආනයනය කළ පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව නැවතත් තහවුරු වෙයි

Date:

සමාගම් 3ක් විසින්ආනයනය කළ පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ, සමාගම් 03ක් විසින් ඉදිරිපත් කළ අභියාචනා මත සාම්පල දෙවන වර පරීක්ෂාව සිදුකිරීමේදී මේ බව තහවුරු වූ බවය.

ඒ අනුව තෙල් තොග සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

“ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් 183,000 ක් අඩංගු බහාලුම් 13 ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් පසුගියදා හෙළිදරව් කර තිබුණි.

කෙසේවෙතත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් බවය.

මෙවැනි පසුබිමක එම සමාගම් සිදුකළ අභියාචනා මත, පිරිපහදු නොකළ පොල්තෙල් සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල “ඇෆ්ලටොක්සින්“නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

ඒ අනුව බහාලුම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම්වලට තෙල්තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.

GMOA කට අරියි

භාවිතයට ගන්නා පොල්තෙල්වල 75%ක ප්‍රමාණයක්ම ඇත්තේ පොල්තෙල් නොවන ද්‍රව්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පොල්තෙල් සඳහා පාරිභෝගිකයා පිරිවැයක් දැරුවද ඔවුන්ට එම මිලට පොල්තෙල් නොලැබෙන බවයි .

පොල්තෙල්වලට පමණක් නොව ආහාර ද්‍රව්‍ය රැසකටම වස විස එක්කෙරෙමින් පවතින අතර පසුගිය පවසර 15ක පමණ කාලයක් පුරා සිය සංගමය විසින් මෙම කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරමින් පවතින බවයි හෙතෙම පවසා තිබේ.

 

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...