බටහිර ජැටිය ගැන ලංකාව තීරණය කර ඇත්තේ අදානි සමඟ ඍජුව සම්බන්ධ වෙලා – ඉන්දීය රජය කියයි

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ආදානි සමාගම⁣ට ලබාදිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ශ්‍රී ලංකා රජය කරන ප්‍රකාශය වැරදි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව එම තීරණය ගෙන ඇත්තේ ආයෝජක ආදානි සමාගම සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරග් ශ්‍රීවාස්තවා ප්‍රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

“කොළඹ මහ කොමසාරිස් කාර්යාලය දැනටමත් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය පිළිබඳ සඳහන් වී ඇති එම මාධ්‍ය නිවේදනය සත්‍ය වශයෙන්ම වැරදි බවයි. ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සමඟ සෘජුව සම්බන්ධ වී ඇති බව අපට වැටහෙනවා,” යැයි ඔහු පවසයි.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීම සඳහා වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉකුත් පළමු වැනිදා හිමි වී තිබිණි.

එම කැබිනට් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ එම බටහිර පර්යන්තය ආදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වන යොජනාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුමැතිය ලබා දී ඇති බවත් එම ආයෝජක සමාගම නම් කරනු ලැබ ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බවත්ය.

මේ සඳහා ආයෝජකයන් නම් කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත දැනුම් දුන්නද, ආයෝජකයන් නම් කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පමණක් බව ද එහි සඳහන් විය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...