චන්න ජයසුමන සැලසුම් වෙනස් කරයි., ජීවත් වීමට අයිතිය දියව්

වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අත්තනෝමතික ලෙස වෙනස් කර ඇත. ඒ වෙනස සිදුකර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණ කමිටුවේ පවා අනුමැතියකින් තොරව වැඩබලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන ඇතුළු දේශපාලන තන්ත්‍රය විසිනි. මේ තත්වය හමුවේ ලංකාවේ වැඩිහිටි ජනගහනය මරණ අවදානමකට මුහුණ දී ඇත. දැනටමත් ලංකාවේ කොවිඩ් ආසාදනය වී මියගිය අයගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි අයයි. වයස අවුරුදු 80ට වැඩි කොවිඩ් ආසාදිතයන්ගෙන් 62%ක් මියගොස් ඇත. වැඩ ගැනීමට අවශ්‍ය ශ්‍රම බලකාය ඉතිරි කරගෙන තවත් වැඩකළ නොහැකි වයස්ගත ජනතාව මරා දැමීමේ ආණ්ඩුවේ ම්ලේච්ඡ තීරණය අභියෝගයට ලක් කරමින් අද වැඩිහිටියන් ගණනාවක් මානව හිමිකම් කොමිසමේ පැමිණිලි ගොනු කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...