Breaking News

පාදෙණිය වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක් – වෛරස්වලට බියෙන් පළා යන්නෙ නැහැලු

තම සංගමය සහ සංගමයේ නිළධාරීන් කොවිඩ් වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් බවත්, පළායාමට තරම් බියපත් නොවන පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

එසේම විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සේවය කරන වාට්ටුවේ ඔහුට හිතවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම අනපේක්ෂිත තත්වයක් නොවන බව ද එම නිවේදනයේ දැක්වේ. ඊට හේතුව ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ කොවිඩ් රෝගීන් නිතර හමුවන රෝහලක වීම බව එහි සඳහන් කර ඇත. එසේම වෛද්‍යවරුන් එකට ආහාර ගැනීම පමණක් සිදුකර ඇති බවද එහි සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ නිවසේ පැවති උත්සවයකට සහභාගි වූ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙලිදරව් වීමත් සමග ඇති වූ ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

වෙනත් රටවල ‍කොවිඩ් වෛරසය ආසාදනය වී වෛද්‍යවරුන් මියගොස් ඇති බව වාර්තා වී තිබියදී පවා එකදු දිනයක් හෝ මග නොහැර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටින අනුරුද්ධ පාදෙනියට මෙසේ අභූත චෝදනා එල්ල කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි නිවේදනයේ සඳහන් වේ.

කොවිඩ් වෛරසය හමුවේ පමණක් නොව, කිරිපිටි, දුම්වැටි, මධ්‍යසාර වැනි ජනතාවට අහිකර දේ සඳහා මෙහෙයවන මුදල්වල එරෙහිව රටේ දරුවන්ගේ යහපත සඳහා තම සංගමය සිදු කරගෙන යන මෙහෙයුම් යටපත් කිරීම සඳහා විටින් විට මෙවැනි අභූත චෝදනා එල්ල වන බවත් කෙසේ නමුත් එවැනි උත්සාහයන් හරහා තම සංගමයේ කාර්යභාරය යටපත් ‍කළ න‍ොහැකි බවත් එම සංගමය පවසා ඇත.

එහෙත් කොවිඩ් වැළදීම අනපේක්ෂිත දෙයක් නොවේ නම් වෛද්‍යවරුන් එකට ආහාර ගැනීමක් කරන්නේ ඇයිද යන්න නිවේදනයේ සඳහන් නොවේ.

ප්‍රිය සම්භාෂණයට සහභාගී වූ වෛද්‍යවරයාට කොවිඩ් වැළඳුනු බව දැනගැනීමෙන් පසු පළමු පෙළ ආශ්‍රිතයෙකු වූ වෛද්‍ය පාදෙණියගේ නිරෝධායන කටයුතු සඳහා පසුගියදා (13) රාත්‍රීයේ සහ ඊයේ (14) පෙරවරුවේ ඔහුගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා මග හැර සිටියේ ඇයිද යන්නද නිවේදනයට ඇතුලත්ව නැති බව පෙනේ. එසේ ඇතුල් කළා නම් නිවසේ සැඟවී සිටි බවට ඔහුට එල්ලවන චෝදනාවලින් යම් තරමකට හෝ නිදහස් වීමට තිබුණි.

පාදෙණිය බිවුව පැණි අනුව ඔහුට කොරෝනා හැදෙන්න බෑ – ලාල් කාන්ත
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙණිය බොන ලද පැණි ප්‍රමාණය අනුව ඔහුට කොරෝනා ආසාදනය විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කර ඇතැයි LankaCNews වාර්තා කර තිබේ.

පැණි බීම නිසා තමන්ට කොරෝනා වැලඳෙන්නේ නැතැයි යන විශ්වාසය පාදෙණිය මහතාට තිබිය යුතු බවද එනිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය යුතු බවද ඔහු පවසා ඇත.

පැණිය බී තිබියදීත් පාදෙණිය මහතාට වෛරසය ආසාදන වෙනවා කියන්නේ තත්ත්වය බරපතළ ගොඩ ඔහු එහිදී කියා ඇත.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හෙලිව ඇති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරන්නේ තමන් නිවසෙන් පලා නොගිය බවත් නිවසට වී මේ වන විට ස්වයං නිරෝධායනය යෙදෙන බවත් පවසා ඇත.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

leave a reply