Breaking News

පුරවැසිභාවය වසර දෙකකින්

තීමස් විජිත්

වසර දෙකකින් ඉතාලි පුරවැසිභාවය සහ පෙර්මෙස්සෝදි සර්ජෝර්නෝ මාරු කර ගැනීමට අවස්ථාව.
සල්වීනි ගෙනා සංක‍්‍රමණික සහ ආරක්ෂිත නීතිය සම්පුර්ණයෙන්ම අහෝසි කරමින් දෙසැම්බර් 18 සම්මත වූ නව නීතිය 2020 දෙසැම්බර් 20 වන දින සිට ක‍්‍රියාත්මක තලයට පැමිණ ඇත.

සල්වීනි නීතිය තුල පුරවැසිභාවය ලබාදීමේ කාල සීමාව වසර 4ක් දක්වා දීර්ඝ කර තිබූ අතර විශේෂිත හා මානුෂීය හේතු සඳහා නිකුත්කල පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝ හිමියන්ට රැකියා කිරීමේ අවස්ථාව සීමාකර තිබුනි.

පුරවැසිභාවය ලබාදීමේ කාල සීමාව

ඒ අනුව 2020 දෙසැම්බර් 20 දිනෙන් පසු පුරවැසිභාවය සඳහා ඉල්ලූම් කරන්නන් සඳහා එය ලබාදීමේ කාල සීමාව වසර දෙකක් වන අතර ඊට පෙර ඉල්ලූම් කරුවන්ට වසර 4ක් බලා සිටීමට සිදුවනු ඇත. ඒ වගේම ඉතාලි භාෂා දැනුම් B1 මට්ටම විය යුතු අතර ඒ සඳහා යුරෝ 250ක් ගෙවිය යුතුවේ. පෙර්මෙස්සෝදි සර්ජෝර්නෝ මාරු කර ගැනීමේ අවස්ථාව.

විශේෂිත හා මානුෂීය හේතු සඳහා නිකුත්කල පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝ රැකියා කිරීමේ සර්ජෝර්නෝ බවට හරවා ගැනීමේ අවස්ථාව නව පනතින් හිමිවේ.

ඒ අනුව පහත සඳහන් වර්ගයේ පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝ රැකියා කිරීමේ සර්ජෝර්නෝ බවට පරිවර්ථනය කර ගැනීමට පුලූවන.
Protezione Speciale, Calamità, Residenza Elettiva, Stato di Apolide, Attività Sportiva, Attività Artistico, Motivi Religiosi, Assistenza Minori, Cura Mediche
එම කාර්යය සඳහා රැකියා කොන්ත‍්‍රාත්තුවක් ඉදිරිපත් කල යුතුවේ.

තීමස් විජිත්

leave a reply