ආදේශක සේවකයින් ස්ථිර කරන්නැයි රටපුරා උද්ඝෝෂණ

සියලු ආදේශක ‌සේවකයන් ස්ථිර කරන ‌ලෙසත්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහාද අනතුරු දීමනාවක් ලබා ‌දෙන ‌ලෙසත් සහ ‌රෝහල් ‌සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබා ‌දෙන ‌ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ සෞඛ්‍යය සේවක සංගමය මගින් අද (02) රජයේ රෝහල් 07 ක් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ පවත්වා තිබේ.

කෑගල්ල මහ රෝහල, කළුතර නාගොඩ මහ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබෝවිල සහ නුවරඑළිය මහ රෝහල යන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පැවත්වී තිබේ. ආදේශක සෞඛ්‍ය කාර්යය සහයක සේවකයින් දින 180 සම්පූර්ණ කර මාස 09 ක පමණ කාලයක් ගතව තිබුණද ඔවුන්ව ස්ථීර කිරීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ගෙන නොතිබීම නිසා මෙම උද්ඝෝෂණ පවත්වන ලදී.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...