Breaking News

ආදේශක සේවකයින් ස්ථිර කරන්නැයි රටපුරා උද්ඝෝෂණ

සියලු ආදේශක ‌සේවකයන් ස්ථිර කරන ‌ලෙසත්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහාද අනතුරු දීමනාවක් ලබා ‌දෙන ‌ලෙසත් සහ ‌රෝහල් ‌සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබා ‌දෙන ‌ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ සෞඛ්‍යය සේවක සංගමය මගින් අද (02) රජයේ රෝහල් 07 ක් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ පවත්වා තිබේ.

කෑගල්ල මහ රෝහල, කළුතර නාගොඩ මහ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබෝවිල සහ නුවරඑළිය මහ රෝහල යන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පැවත්වී තිබේ. ආදේශක සෞඛ්‍ය කාර්යය සහයක සේවකයින් දින 180 සම්පූර්ණ කර මාස 09 ක පමණ කාලයක් ගතව තිබුණද ඔවුන්ව ස්ථීර කිරීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ගෙන නොතිබීම නිසා මෙම උද්ඝෝෂණ පවත්වන ලදී.

 

leave a reply