Breaking News

ආණ්ඩුවේ බොරුව අතේ මාට්ටු වෙයි – මත්පෙති ගැන මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් පැහැදිලි කිරීමක්

පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේදී සිදුවූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තීබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග හා ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

එම සංගමය පෙන්වා දී ඇත්තේ මානසික රෝග සඳහා භාවිතා කරන ඖෂධ කිසි විටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගන්නා බවයි.

මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත් බොහෝ විට සිදුවන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවයට පත් වීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිතා වන අතර ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිලිගැනීම්වලට අනුව නිර්දේෂ කිරීම තුළින් අති මහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග සමනය වූවා පමනක් නොව ඔවුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට හේතු විය.

නිසි ප්‍රතිකාර මඟින් මානසික රෝග බොහෝ දුරට සුව කල හැකි අතර නැවත නැවත රෝග තත්වය ඇතිවීම වැළැක්වීමටද හේතුවෙයි. ඒ සඳහා භාවිතා කරන ඖෂධ මඟින් කිසිම කලහාකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය වන අපි යළිත් අවධාරණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්ති වලින් නොමඟ නොයා මානසික ගැටළු ඇති විට වහාම ප්‍රතිකාර වලට යොමුවන ලෙසත් ඉල්ලා සිටිමු.

මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස කටයුතු කර ඇත්තේ එහි බෙහෙත් ගබඩාව බිඳ දමා විවිධ වර්ගයේ ඖෂධ භාවිත කිරීම හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඊයේ දිනයේදී පවසා තිබුණි.

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන එක්නායක ද පැවසීය.

ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අජිත් රෝහණ මහතා කියා සිටියේ එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවය.

එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවත්ය.
මෙම පෙත්වර්ග ලබාගැනීමෙන් පසු ඔවුනොවුන් ඇනකොටාගැනීමද වාර්තාවී ඇති බව ඔහු සඳහන් කර තිබුණි.

leave a reply