ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ පෙත්සම බාරදීමට පොලිසිය අවසර නොදෙයි

2019 අගෝස්තු සහ සැතැම්බර් මාසවල බදවා ගත් රෝහල් ආදේශක සේවකයන් සථිර කරන ලෙස සහ කොවිඩ් අවදානම් තත්ත්වයත් සමග සෞඛ්‍ය සේවකයන්ට ඇති ගැටලු පිළිබදව සේවකයන් 500 අධික පිරිසක් අත්සන්කර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීම සදහා සකස්කර තිබූ පෙත්සම භාරදීම සදහා පෙර දැනුම් දීමක් සහිතව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ගියද එය සිදුකිරීම සදහා පොලීසියෙන් අවසර ලබා නොදුන් බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

සුගතානන්ද හිමියන් එම ස්ථානයට යන අවස්තාවේ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා දුරකතනයෙන් අමතා විස්තර විමසා ඇති අතර පසුව අමාත්‍යංශය අසලට ඉහළ පොලිස් නිලධාරීයෙක් සමග පැමිණ පෙත්සම බාරදීම සදහා අවස්තාව ලබා දී නොමැත.

එම අවස්ථාවේ සිදුවීම තම මුහුණු පොත හරහා පළ කළේ යැයි පවසමින් මේ වන විට විදුලි සංදේශන නියාමන කොමිසම හරහා තම මුහුණු පොතද අවහිරකර ඇති බව සුගතානන්ද හිමියන් පවසයි.

මෙම අවස්තාව සදහා සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු එහි සභාපති චමින්ද නිලන්තද සහභාගී විය.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...