Breaking News

කොරොනා නව තත්වය හමුවේ ඉතාලිය ලොක්ඩවුන්

නොවැම්බර් 5 වනදා සිට දෙසැම්බර් 3 දක්වා මුලූ ඉතාලියටම බල පැවැත්වෙන පරිදි රාත්‍රී 10 සිට පාන්දර 5 දක්වා ඇඳිරිනීතිය පනවා තිබෙන අතර කොටස් තුනකට ලොක්ඩවුන් නීති පනවා ඇත. ලොක්ඩවුන් කලාප කහ/තැඹිලි/රතු ලෙස කලාප තුනකට වෙන්කර තිබෙන අතර ඒ අනුව නීති රීති ආකාර තුනකින් ක්‍රියාත්මක වේ.

කහ කලාපය
ඇඳිරි නීතිය – රැකියා සහ අත්‍යාවශ්‍ය කාරණා වලට හැර රාත්‍රී 10 සිට පාන්දර 5 දක්වා මුලූ ඉතාලියටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

වෙළඳ මධ්‍යස්ථාන – මධ්‍යම සහ විශාල ප‍්‍රමානයේ වෙළඳ සැල් සති අන්තයේ වසා තැබේ. සුපිරි වෙළඳ සංකීර්ණ තුල තිබෙන ෆාමසි. ආහාර ද්‍රව්‍ය අළෙවි සැල්. පුවත්පත් සහ දුම්වැටි අළෙවි සැල් පමනක් විවෘතව තැබීමට අවසර ලැබේ.

ක්‍රීඩා කටයුතු – ජාතික තලයේ සහ පූර්ව ඔලිම්පික් තරඟ සඳහා පමනක් අවසර හිමිවේ.

ආපනශාලා – සියලූම ආපනශාලා හා බාර් උදේ 5 සිට සවස 6 දක්වා විවෘතව තැබීමට අවසර ලැබෙන අතර රාත්‍රී 10 දක්වා නවාතැන් වෙත ආහාර ගෙන ගොස් බාරදීමට අවසර හිමිවේ.

ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන – සියලූ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන වසා දැමේ.

පාසල් අධ්‍යාපන කටයුතු – බාළාංශය. ප‍්‍රාථමික හා සාමාන්‍ය පෙළ දක්වා පාසල් විවෘතව තැබෙන අතර උසස්පෙළ අධ්‍යාපන කටයුතු දුරස්ථ ක‍්‍රමයට සිදු කෙරේ.

කෞතුකාගාර – සියලූ කෞතුකාගාර සහ ප‍්‍රදර්ශන නවතා දැමේ.

පාඨමාලා – මහජන සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත‍්‍රය හැර සෙසු සියලූ පාඨමාලා නවතා දැමේ.

මහජන ප‍්‍රවාහන කටයුතු – පාසල් ළමුන් ප‍්‍රවාහනය හැර සෙසු සියලූ ප‍්‍රවාහන මාධ්‍ය විසින් මගීන් සංඛ්‍යාව සියයට 50ට සීමා කල යුතුය.
ඉහත දැක්වූ කහ කලාපයට අදාල සියලූ නීති රීති මුලූ ඉතාලියටම බල පැවැත්වෙන අතර තැඹිලි සහ රතු කලාප සඳහා අදාල නීති ඊට වඩා දැඩි කොට ඇත.

තැඹිලි කලාපය
සංචරණය – රැකියා. අධ්‍යාපන හා අත්‍යාවශ්‍ය කාරණා සඳහා හැර අන් සියලූ අවශ්‍යතා සඳහා කලාප හා ප‍්‍රාදේශීය සීමා අතර සංචරණය සීමා කෙරේ. අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ගමන් කිරීමේදී ස්වයං සහතික ඉදිරිපත් කල යුතුවේ.

ආපනශාලා කටයුතු – ආපනශාලා සහ කේටරින් කටයුතු නවතා තැබෙන අතර රාත්‍රී 10 දක්වා ආහාර නිවාස වෙත ලබාදීමේ සේවාවට පමනක් අවසර හිමිවේ.

රතු කලාපය
සුපිරි වෙළඳ මධ්‍යස්ථාන හා ජංගම වෙළඳාම මූලික හා ආහාර වෙළඳාම හැර සෙසු සියල්ල වසා තැබිය යුතුය. පුවත්පත් සහ දුම් වැටි වෙළඳසැල්. ෆාමසි ඇතුලූ සෞඛ්‍ය වෙළඳ සැල් පමනක් විවෘතව තැබීමට අවසර හිමිවේ.

ව්‍යායාම කටයුතු – මුඛ ආවරණ සහ මීටරයේ පරතරය සහිතව ව්‍යායාම් කටයුතු වල යෙදීමට අවසර ලැබෙනුයේ තම නිවාස ආසන්නයේ පමණි.

පාසල් අධ්‍යාපන කටයුතු – බාලාංශ. ප‍්‍රාථමික හා සාමාන්‍යපෙළ පාසල් විවෘතව ලැබෙන අතර උසස්පෙළ. විශ්වවිද්‍යාල සහ ඊට සමගාමී පාඨමාලා දුරස්ථ ක‍්‍රමවේදයට සිදුකෙරේ.

බාබර් සැලූන් – බාබර් සැලූන් විවෘතව තැබේ.

මහජන සේවා ආයතන – මහජන සේවා ආයතන විවෘතව තැබේ. සෙසු සියලූ ආයතන කටයුතු ස්මාර්ට් වර්කින් (දුරස්ත ක‍්‍රමයට) ලෙස සිදු කිරීමට දැනුම් දේ.

leave a reply