රජය නිරෝධායන වගකීමෙනුත් ඉවත් වෙන ලකුණු – ප්‍රථම ආශ්‍රිතයන් නිවසේ සිට නිරෝධායනය වෙන්නලු

මින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මේ දක්වා සිදුකරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකළ නැවත අධික්ෂණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර තිබේ.

දැනටත් ආණ්ඩුව නිරෝධායන වගකීම පෞද්ගලික අංශයට පවරා තිබේ. උදාහරණයකට විදේශගතව පැමිණෙන අයට නිරෝධායනය සඳහා යොමු කෙරෙන්නේ පෞද්ගලික හෝටල් වෙතයි. ඔවුන්ට ඒ සඳහා වියදම් දැරීමට සිදුවේ. ඊට අමතරව ඔවුන්ගේ PCR සිදුකෙරෙන්නේද පෞද්ගලික අංශය මගිනි. ඒ සඳහා පෞද්ගලික රෝහල් හිතූ හිතූ ගණන් අයකරමින් ජාවාරමක් සිදුකරමින් සිටියි. මීට අමතරව මෙහි ඇති බරපතලම කාරණය වන්නේ මෙම කටයුතු සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කිසිදු සොයා බැලීමක් හෝ සිදු නොවීමයි.

ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමේ අරමුණ වන්නේ ඔවුන් සමාජයෙන් වෙන් කොට තවත් පිරිසකට රෝගය බෝවීම වැලැක්වීමයි. ප්‍රථම ආශ්‍රිතයින් යනු වෛරසයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින අයයි. බොහෝ ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ මොවුන් නිවෙස්වල නිරෝධායනය වීම හරහා වැඩි වැඩියෙන් වෛරසය සමාජය තුළ පැතිරීමේ අවදානමක් ඇතිකරවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...