Breaking News

වතු ජනතාවට දෙනවා කිව්ව 1000ත් නැහැ, වසංගතයෙන් ආරක්ෂා කරන වැඩපිළිවෙලකුත් නැහැ – වතු කම්කරු මධ්‍යස්ථානය

කොරෝනා වසංගතය නැවතත් පැතිර යන මේ මොහොතේ වතු ජනතාව වෙනුවෙන් කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත පවසයි. ඊයේ දිනයේ වතු කම්කරු මධ්‍යස්ථානය සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළවිය. ලයින් කාමරවල අවම සනීපාරක්ෂක පහසුකම් යටතේ මෙම ජනතාව ජීවත්වීම නිසා වසංගතය පැතිරීමේ අවදානමක් ඇති බවද ශ්‍රී වසන්ත පවසයි. එසේම වසංගතය පැතිරීම වැළක්වීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් දෙමළ භාෂාවෙන් වතු කම්කරු ජනතාව වෙත ලබාදීමද මෙහිදී වැදගත් බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සම සංවිධායක මාක්ස් ප්‍රභාකර් පවසා තිබේ.

එසේම වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000ක් කිරීමේ පොරොන්දුව පාලකයන් වසර ගණනාවක් තිස්සේ ලබා දෙමින් සිටින බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් පවසයි. 2015 මැතිවරණයේදී ඉන් පසු 2019 ජනාධිපතිවරණයේදී සහ පසුගිය මහා මැතිවරණයේදී මෙය ලබාදෙන බව පැවසුවත් ඒ වෙනුවෙන් මේ දක්වා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි. එම නිසා 1000ක් ලබා ගැනීමේ අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවද ශ්‍රී වසන්ත වැඩිදුරටත් පවසා තිබුණි.

leave a reply