වතු ජනතාවට දෙනවා කිව්ව 1000ත් නැහැ, වසංගතයෙන් ආරක්ෂා කරන වැඩපිළිවෙලකුත් නැහැ – වතු කම්කරු මධ්‍යස්ථානය

කොරෝනා වසංගතය නැවතත් පැතිර යන මේ මොහොතේ වතු ජනතාව වෙනුවෙන් කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත පවසයි. ඊයේ දිනයේ වතු කම්කරු මධ්‍යස්ථානය සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළවිය. ලයින් කාමරවල අවම සනීපාරක්ෂක පහසුකම් යටතේ මෙම ජනතාව ජීවත්වීම නිසා වසංගතය පැතිරීමේ අවදානමක් ඇති බවද ශ්‍රී වසන්ත පවසයි. එසේම වසංගතය පැතිරීම වැළක්වීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් දෙමළ භාෂාවෙන් වතු කම්කරු ජනතාව වෙත ලබාදීමද මෙහිදී වැදගත් බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සම සංවිධායක මාක්ස් ප්‍රභාකර් පවසා තිබේ.

එසේම වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000ක් කිරීමේ පොරොන්දුව පාලකයන් වසර ගණනාවක් තිස්සේ ලබා දෙමින් සිටින බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් පවසයි. 2015 මැතිවරණයේදී ඉන් පසු 2019 ජනාධිපතිවරණයේදී සහ පසුගිය මහා මැතිවරණයේදී මෙය ලබාදෙන බව පැවසුවත් ඒ වෙනුවෙන් මේ දක්වා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි. එම නිසා 1000ක් ලබා ගැනීමේ අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවද ශ්‍රී වසන්ත වැඩිදුරටත් පවසා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...