2/3 ඡන්දයෙන් බැරිනම් පාරිලිමේන්තුවෙදි හදාගන්නවා – මහින්ද රාජපක්ෂ

මහ මැතිවරණයේදී තම පක්ෂයට තුනෙන් දෙක නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේදී එය ලබාගැනීම සඳහා කටයුතු කරන බව පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

අද දිනයේ ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මේ බව පවසා ඇත. තම පක්ෂය තුනෙන් දෙකක බහුතරයක් දිනා ගන්නා බවට විශ්වාසයක් තමන් තුළ ඇති බවයි.

“තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. අපි ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට සූදානම්. මේවාට වඩා දරුණු අභියෝගවලට අප දැනටමත් මුහුණ දීලා තියෙනවා. ”

මිලියන 6.9 ක ජනතාවක් විසින් අනුමත කරන ලද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාව මහ මැතිවරණයෙන් පසුව ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය හරහා ඇඟවෙන ආකාරයට සෑම මැතිවරණයකදී සිදුවෙන ආකාරයට ඉතාම අසාධාරණ තත්ත්වයන් යටතේ වුවත් ප්‍රකාශවන ජනතාවගේ ඡන්දය මෙවරත් බලයට පත්වන්නන් විසින් පාවා දීමට නියමිතය. මුදල් බලයට යට කිරීමට නියමිතය. තුනෙන් දෙක සදා ගැනීම සඳහා බිලී බාගනු ඇත්තේ විපක්ෂ කණ්ඩායම් විය යුතුය. එම නිසා ප්‍රධාන පක්ෂවල ඡන්දය ලබාදුන් ජනතාවට හැමදාමත් සිදුවෙන ආකාරයට තම ඡන්දය මුදල්වලට යටවනු බලාසිටීමට සිදුවෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...