Breaking News

2/3 ඡන්දයෙන් බැරිනම් පාරිලිමේන්තුවෙදි හදාගන්නවා – මහින්ද රාජපක්ෂ

මහ මැතිවරණයේදී තම පක්ෂයට තුනෙන් දෙක නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේදී එය ලබාගැනීම සඳහා කටයුතු කරන බව පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

අද දිනයේ ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මේ බව පවසා ඇත. තම පක්ෂය තුනෙන් දෙකක බහුතරයක් දිනා ගන්නා බවට විශ්වාසයක් තමන් තුළ ඇති බවයි.

“තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. අපි ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට සූදානම්. මේවාට වඩා දරුණු අභියෝගවලට අප දැනටමත් මුහුණ දීලා තියෙනවා. ”

මිලියන 6.9 ක ජනතාවක් විසින් අනුමත කරන ලද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාව මහ මැතිවරණයෙන් පසුව ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය හරහා ඇඟවෙන ආකාරයට සෑම මැතිවරණයකදී සිදුවෙන ආකාරයට ඉතාම අසාධාරණ තත්ත්වයන් යටතේ වුවත් ප්‍රකාශවන ජනතාවගේ ඡන්දය මෙවරත් බලයට පත්වන්නන් විසින් පාවා දීමට නියමිතය. මුදල් බලයට යට කිරීමට නියමිතය. තුනෙන් දෙක සදා ගැනීම සඳහා බිලී බාගනු ඇත්තේ විපක්ෂ කණ්ඩායම් විය යුතුය. එම නිසා ප්‍රධාන පක්ෂවල ඡන්දය ලබාදුන් ජනතාවට හැමදාමත් සිදුවෙන ආකාරයට තම ඡන්දය මුදල්වලට යටවනු බලාසිටීමට සිදුවෙනු ඇත.

leave a reply