Breaking News

පාප්වහන්සේද වතිකානුවේ තනිවිය

තිමුස් විජිත්

අද මාර්තු 22 ඉරිදා වතිකානුව පාලුවට ගිහින්. පාප්වහන්සේ තනියම යාඥාව. රටපුරාම දේවස්ථාන දෙවියන් යදිනවා. මිනිස්සු තැන තැන යාඥාව. කොරෝනාව තාමත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මිනිස්සු හැමෝම බියෙන්. මුළු ඉතාලියම පාලුවට ගිහින්. අද වෙනකොට 53578 කට කොරෝනා වෛරසය ආසාදනය වෙලා. මරණ සංඛ්‍යාව පන් දාහකට ආසන්නයි. 4825. රෝහල් කාර්ය මණ්ඩල ඔවුනුත් දැන් උපරිමයට ඇවිල්ලා. ඉතාලිය හෙට වෙනකොට තවත් ක්ෂේත්‍ර ගණනාවක් වසා දමන්නට තීරණය කරලා. වෛද්‍ය කණ්ඩායම් ඉල්ලා දැන් දැන්වීම් පළ වෙනවා. ඒ අතර චිනයේ කටයුතු කළ කියුබානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඉතාලියේ lombardia කලාපයට ඊයේ පැමිණියා. අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් ක්ෂේත්‍ර වසා දමන්නැයි ඉල්ලා සිටියත් තවමත් ඉතාලිය ඒ සඳහා සූදානම් නැහැ. හේතුව ආර්ථික තත්වය.

කොටසක් තර්ක කරන්නේ කෙසේ වුවත් මේ තත්ත්වය උපරිමයකට ගොස් නැවත අඩු වී යා හැකි බව ස්ථිර නිසා ආර්ථිකය ආරක්ෂා කරගැනීමත් වැදගත් බවයි. වැඩකරන ජනයා ගේ පැත්තෙන් කියවෙන්නේ ආර්ථිකයට පෙර ජීවිතය බවයි. ඒ නිසා ඉදිරි පිම්මක් සඳහා දැන් වැඩ නවතා ආරක්ෂා විය යුතු බවයි.

කෙසේ වුවත් මාර්තු 25 වනවිට මේ තත්ත්වය උපරිමයටම ගොස් ඉන්පසු තත්ත්වය යහපත් වේ යැයි ඔවුන් අනුමාන කරනවා. ඊට හේතුව මුලු ඉතාලියේ ම ආරක්ෂක තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ මාර්තු 10 සිට බැවින් එතැන් සිට ගතවන දින දාහතරකට පසු එළැඹෙන කාලය ඔවුන්ගේ ගණන් බැලීමයි.

මිනිසුන් අතර ගැවසීම බොහෝ අඩු වන්නට පටන් ගත්තේ මාර්තු 10 සිට බැවින් මාර්තු 25 න් පසු මෙම තත්ත්වය අඩු වීමක් අපි ද කරමු අපේක්ෂා කරමු. එසේ නොවුණහොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය පැතිරීම සිදු වන්නේය යන මතය බිඳී යනු ඇත. පරිසරය මගින් ද මෙය පැතිරෙන්නේය යන නව සොයාගැනීමක් ලෙස ඉතාලියෙන් පිළිතුරු ලැබෙනු ඇත.
ඉතාලියේ වෙසෙන ලාංකිකයින් හට මෙය වැළඳී ඇතැයි වාර්තා වන්නේ නැත. යම් යම් අසනීප තත්ත්වයන් තිබුණත් එතරම් බැරෑරුම් තත්වයන් වාර්තා වන්නේ නැත.

එහෙත් සොයාබැලිය යුතු වැදගත් කාරණය වන්නේ ඉතාලියේ සිට ලංකාවට පැමිණි සියලු දෙනා වෙත corona ආසාදනය වී ඇත්නම් ඒ කෙසේ ද යන්නයි. එසේත් නැත්නම් ඉතාලියේ සිටින අයට ද corona ආසාධනීය වී ඇති නමුත් එය තවමත් කිසිවෙකු නොදන්නා බවයි. කෙසේ නමුත් මේ යන ආකාරයට ඉදිරියට ගියහොත් රෝගියා වැලඳීමෙන් බේරීමට කිසිවෙකු සමත් නොවන අතර ඊළඟ අභියෝගය වන්නේ මරණයෙන් ගැළවී සිටින්නේ කෙසේද යන්නයි.

leave a reply