Breaking News

දෙදෙනෙක් අතර පරතරය මීටර් දෙකක් වෙන්න ජීවිත හාරදහක් නැතිවුණා

දෙදෙනෙක් අතර පරතරය මීටරයක් හෝ මීටර් දෙකක්
අද සවස සුපර්මාකට් එකට ගිය මොහොතේ දුටු පෝලිමක්
සුපර්මාකට් එකේ පරිපාලනය විසින් මේ තීරණය අරගෙන තියෙන්නේ
ඉතාලිය චීනයෙන් පසුව කොරෝනා වෛරසයට සීග්‍රයෙන් පැතිර යන කට බවට පත්වෙලා තියෙනවා.
දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යනවා
රෝගීන් ගණන වැඩි වෙනවා
මරණ හාරදහසක් වෙනතුරුත් ඉතාලි රජය ගත යුතු නිසි පියවර අනුගමනය කළේ නැහැ
දැන් තත්ත්වය උග්‍ර වෙලා, තවමත් තාලි පාලනය අනුගමනය කරන්නේ සැහැල්ලු ක්‍රියා පිළිවෙත්.

ඒ විතරක් නෙවෙයි ජනතාව ස්වකැමැත්තෙන්ම මුඛ ආවරණයක් පළඳින්න පෙළඹෙන්නේ මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහළ ගියාට පසුව, දිනපතා හමුවෙන ආසාදිතයින් ගාන වැඩි වෙන්න ගත්තා ඉන්පසුව, ඉතින් මිනිසුන් මරණය තමන්ගේ ලගටම ආ පසු බොහෝ දේවල් ස්වයංව තේරුම් ගන්න පටන් ගන්නවා. මේ මිය යන්නේ සාමාන්‍ය ජනතාව, දීනපතාම රෝගීන් ලෙස හමු වන්නේ සාමාන්‍ය ජනතාව, බොහෝ අවස්ථාවල ඈතින් සිට බලන අපි මිනිසුන්ගේ ක්‍රියාවන් වලට විවේචන එල්ල කරනවා. නමුත් මේ හැම සිදුවීමක් ඇතුලෙම තිබෙන ගැඹුරු යථාර්ථය දේශපාලනය බව අප තේරුම් ගන්නේ නැහැ.

ඔබ ඇයි මේ මිනිස්සුන්ට බනින්නෙ

මේ ඉන්නේ අපේ සමාජයේ පහළ පන්තියේ මිනිස්සු
ඔවුන් ජීවත් වෙන්නේ සිල්ලරට
දවස ගානෙ
සැමන් ටින් එකක් පරිප්පු කිලෝ එකක් අඩු මුදලට ලැබෙනවා කියන එක ලොකු දෙයක් ඔවුන්ට.
දවසක් කන්න තියෙන සල්ලි වලින් දවස් දෙකක් බඩ පුරවගන්න තියෙනවා නම් ඒකත් ලොකු වාසියක්
දවසගානේ ජීවත්වෙන මේ මිනිස්සුන්ට සැමන් ටින් එක ලාබෙට ගන්න ගිහින් පොර කෑවා කියලා බනින්න එපා.

 

මේ මිනිස්සුන්ට බනින ඔබ දැනටමත් සැමන් ටින් කිහිපයක් පරිප්පු කිලෝ දෙක තුනක් සමහරවිට සතියකට දෙකකට මාසයකට වියළි ආහාර ගෙදර රැස්කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට අතමිට සරු නිසා, ඔබ මේ පෝලිමේ නොහිටියා වෙන්න පුළුවන්. පෝලිමේ ඉන්න ඇත්තේ මීට සතියකට එක හමාරකට ඉහත තිබුණු සුපර්මාකට් වල බඩු රාක්ක හිස් කරපු පෝලිමේ ඉන්න ඇති .

මේ දිනවල අපේ රටේ දේශපාලකයන් කරන සමහර කතා අහගෙන ඉන්න විට ඔබට හිතෙන්නේ නැද්ද අපේ දේශපාලකයන් කොයිතරම් අමනයින් ද මෝඩයින් ද කියල, ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිත චීන ජාතික කාන්තාව හමු වීමෙන්, ඇය සුවපත් වීමෙන් පසු රටින් පිට වෙන වෙලාවේ රටේ පාලකයන් හැසිරුණු ආකාරය පිළිබඳව ඔබට විවේචනයක් නැද්ද ? අපේ රටේ දේශපාලකයන් චීන ජාතික කාන්තාව රටින් පිට කර හැරියේ රටේ මිනිසුන්ගේ ආකල්ප තුළට නැවත ලංකාවට කොරෝනා වෛරසය පැමිණෙන්නේ නෑහැ කියන එක ඇතුල් කරන ක්‍රියාවක් ඔස්සේය . ප්‍රශ්නේ ගැඹුරට නොගත් දේශපාලකයන් නිසා අද දඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙනේ රටේ ජනතාවට .

අඩු කරපු සැමන් ටින් එක ගන්න ගිය මිනිහා දිහා බලාගෙන ඒ මිනිහට හිනාවෙන්න නැතිව ,ඒ මිනිහගෙ ක්‍රියාවට විවේචන එල්ල කරන්නේ නැතුව මේ ප්‍රශ්නය සමස්තයක් විදිහට අරගෙන මේ තරම් දුරට මේ ප්‍රශ්නය සංකීර්ණ කරපු දේශපාලකයන් සහ පවතින දේශපාලන ක්‍රමය ප්‍රශ්න කරන්න, ඇඟිල්ල දික් කරන්න, ඔබට හිතෙනේ නැද්ද ?

leave a reply