ඊයේ පැවති රැස්වීමකින් පසුව නවදිල්ලි යාමට නියමිත නාට්‍ය කණ්ඩායම්වල ටිකට්වලින් බාගයක වියදම දැරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත. බුද්ධික දමයන්තගේ “මට සිහිනයක් ඇත” නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් 14 දෙනකු අතුරින් ආණ්ඩුවේ අනුග්‍රාහකත්වය ලබන්නෙ 7 දෙනෙකු පමණයි. චාමික හත්ලහවත්තගේ “කොළඹ හතේ තොරණ” නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් 18 දෙනකු සිටින අතර ආණ්ඩුවේ අනුග්‍රහය 9 දෙනෙකුට ටිකට් වියදම ලබාදීමයි.
වේදිකා නාට්‍යයකදී වියදම් ප්‍රශ්නය නිසාම බොහෝ විට ශිල්පීන් අවම ප්‍රමාණයකින් නාට්‍ය නිෂ්පාදනය සිදුවන බව අපගේ අවබෝධයයි. විදේශයක නාට්‍ය රඟදැක්වීමකදී මෙම ප්‍රහ්නය තදින්ම සළකා බැලෙන අතර ඇතැම් විට එකම ශිල්පියාට භූමිකා කිහිපයක් වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවන අවස්ථා ඇත. එවැනි තත්වයකදී මේ විසඳුම ගැටලු සහතය. අවසන් අවස්ථාවේ මෙවැනි විසඳුමක දෙනවාට වඩා වේලාසනම මෙවැනි අනුග්‍රාහකත්වයක් ලබා දිය හැකි බව නාට්‍යකරුවන්ට දැනුම් දුන්නා නම්, ඉතිරි මුදල සොයා ගැනීමට ඔවුන්ට කිසියම් ඉඩකඩක් හා සැලසුමක් සකස් කරගත හැකිය. කොහොමටත් පවතින ක්‍රමවේදය යටතේ මේ ලබා දෙන අනුග්‍රාහකත්වයද මුදල් ලෙස ලැබෙනු ඇත්තේ නාට්‍ය කණ්ඩායම් අදාළ නාට්‍ය උළෙලට ගොස් පැමිණ අදාළ වියදම සඳහා ලිකිත සාක්ෂි (ටිකට්පත්) ඉදිරිපත් කළ පසුවය. මේ වනවිටත් එම නාට්‍යකරුවන්ට සොයන්නට සිදුව ඇත්තෙ ණයවීමෙන් හෝ පුද්ගලික මුදල් පරිත්‍යාගයෙන් ටිකට් මිලයට ගන්නා ක්‍රමවේදයකි.
බුද්ධික දමයන්තගේ “මට සිහිනයක් ඇත” සහ චාමික හත්ලහවත්තගේ “කොළඹ හතේ තොරණ” යන ලාංකේය නාට්‍ය ද්විත්වය නවදිල්ලි ගෙනයාම යනු නාට්‍ය ශිල්පීන් ගුවනින් එහි යාම පමණක් නොවේ. සහාය කලාශිල්පීන්, නාට්‍ය පසුතල හා වෙනත් උපකරණ ගෙන යාමද අවශ්‍ය වේ. ඒ අනුව, බැලු බැල්මට එය බාග උත්තරයකි. නාට්‍යකරුවන් දෙදෙනා ලිඛිතව කළ බව කියන ඉල්ලීම අනුව ඔවුන්ගේ අවශ්‍යතාව බැලුවත් බාග උත්තරයකි. ජාතික ජනබලවේගය ‘සංස්කෘතික මිනිසකු’ වෙනුවෙන් තැබූ පියවර බාග උත්තරයක් ලෙස බාරගන්නට නොහැකිය. අවම වශයෙන් සංස්කෘතික ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ගත් වෙහෙස ගැන නාට්‍යකරුවන් විසින් කෘතවේදිත්වය පළ කරමින් සිටී. නමුත් අප මෙය දකින්නේ ඇමතිවරයාගේ හෝ ආණ්ඩුවේ ප්‍රශ්නයක් ලෙස නොව, ලංකාවේ කලා සංස්කෘතික විෂය සම්බන්ධව ඇති පසුගාමී හා වානිජවාදී සම්ප්‍රදායේ ප්‍රශ්නයක් ලෙසය.
එය ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ ජාතික ජනබලවේගය විසින් සිය බලයට පැමිණීම සඳහා ගෙන ගිය මැතිවරණය ව්‍යාපාරයට සමගාමීව කලාකරුවන් සමග ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ආණ්ඩුවේ වත්මන් ක්‍රියාමාර්ග සසඳන විටය. ‘උදාර සංස්කෘතික ජීවිතයක්- සහකම්පනීය ජනතාවක්’ යන තේමාවෙන් ජාතික ජනබලවේගය විසින් අනාගතයේ පිහිටුවනු ලබන පාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කලා සංස්කෘතික ප්‍රතිපත්තිය 2024 සැප්තැම්බරයේදී ජනගත කෙරුණේ කොළඹ තැප්‍රොබේන් උත්සව ශාලාවේදීය. (එහි කවරය මෙහි අමුනා ඇත)
පසුගිය වසරේදීද නාට්‍ය රැගෙන යාමට අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන බවට දුන් පොරොන්දුව ලිඛිතව අවසන් මොහොතේ ලබාදීම නිසා එම නාට්‍ය කණ්ඩායමට විදේශගතවීමට අවස්ථාව නොලැබීමෙන් අසාධාරණයක් සිදු විය. පසුගිය වසරේ සිදු වූ වරද නිවැරදි කිරීමට සංස්කෘතික කටයුතු බලධාරින් හෝ නිලධාරින් අසමත්වීම සැළකිය යුුතු ප්‍රශ්නයක් ලෙස ඇත. නාට්‍ය පුහුණුවීම්වලට අධික වියදමක් දැරීමට සිදුවීමත් නාට්‍ය දර්ශන සඳහා ශාලා ගාස්තු ඇතුළුව ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමත් නාට්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවක්ව පවතී. කලා මණ්ඩලයේත් සංස්කෘතික අමාත්‍යංශයේත් අවධානය මේ දිගුකාලීන ගැටලුවලට විසඳුම් සෙවීමට යොමු විය යුතුය. නිදසුනක් ලෙස අඩු වියදමකින් පුහුණුවීම්කරන්නට පාසල්වල හෝ වෙනත් ආයතනවල පහසුකම් සැලසීමට බලධාරින්ගේ නිල මැදිහත්වීම අවශ්‍යය. එසේම වේදිකා නාට්‍යයක පළමු දර්ශනය සඳහා කිසියම් රාජ්‍ය අනුග්‍රහයක් ලබාදිය හැකිද යන්න යෝජනාවකි. සිනමා කර්මාන්තය කිසියම් ප්‍රාග්ධන ක්‍රියාවලියක් තුළ අද පවතින වර්ධනය අත්පත් කරගෙන ඇති නමුත් ඒ වෙනුවෙන් ජනතා බදු මුදලින් නාට්‍යකරුවන්ට ණය ලබා දුන් බවද සිහිපත් කළ යුතුය. නාට්‍ය කලාව වෙනුවෙන් එවැනි ප්‍රාග්ධන ක්‍රියාවලියක් ඉල්ලා සිටීම අපගේ අරමුණ නොවේ. පවතින වේදිකා නාට්‍ය කලාව පසුබස්වන සාධක ලෙස ඇති ගැටලු නිසැකවම විසඳන්නට හැක්කේ රාජ්‍ය මැදිහත්වීමකින් පමණකි.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස ප්‍රතිපාදන ලැබිය යුතු බවත් ඒවා ප්‍රතිපත්තිමය කාරණා අනුව, ප්‍රමුඛතා මත තීරණ ගත යුතු බවත් අවධාරණය කළ යුතුය. නාට්‍යකරුවන්ට මෙය එක් එක් පුද්ගලයාට පුද්ගලිකව මුහුණ දෙන්නට සිදු වූ ප්‍රශ්නයකි. නමුත් නාට්‍ය කලාව පැත්තෙන් එය එසේ නොවිය යුතුය. මෙය රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රශ්නයකි. අයවැයෙන් එක් එක් කලා සංස්කෘතික ක්ෂේත්‍රයට වෙන්කරන ප්‍රතිපාදන සම්බන්ධ ප්‍රශනයකි. රාජ්‍ය නාට්‍ය උළෙලේදී එක් දීගු නාට්‍යයකට රු. 50,000ක් වැනි මුදලකින් එය කළ හැකිදැයි ප්‍රශ්න කරමින් පසුගිය නාට්‍ය උලෙලේදී නාට්‍යකරුවන් කළ ප්‍රශ්න කිරීම ඉදිරියට ගෙන යා යුතුය. එය ආණ්ඩුවට විරුද්ධ කලාකරුවන්ගේ වැඩක් වැනි ග්‍රාම්‍ය තේරුම්ගැනීම්වලින් ඔබ්බට සමාජයීය වැදගත්කමක් ඇති කාරණයක් බව සමාජය හමුවේ තේරුම් කළ යුත්තේද කලාකරුවන්ගේ මැදිහත්වීමෙනි.
එන එන පැත්තට මුක්කු ගහන දේශපාලන ක්‍රමය කලා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පවතින තත්වයකි. පුද්ගලයන්ට දොස් පැවරීම වෙනුවට එකී යල්පැන ගිය සම්ප්‍රදායයන් වෙනස් කරන සාමුහික ප්‍රයත්නයකට යාමට සියලු ක්ෂේත්‍රවල කලාකරුවන්ට ආරාධනා කරමු.
මැතිවරණ වේදිකාවලට නැගීමෙන් එහා තීරණ ගැනීමේ ව්‍යුහවලට කලාකරුවන් සම්බන්ධ කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙන් දෝතට ගෙනත් දුන් අපේ ඊනියා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ නැත. ජනසහභාගි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන්, තීරණ ගැනීමේදී එක් එක් ක්ෂේත්‍රවලදී අදාළ පාර්ශ්වවල සහභාගිත්වයෙන් තීරණ ගැනීමට අවස්ථාව සලසන ක්‍රමයක් වෙනුවෙන් අරගල කිරීම කලාකරුවන්ගේද වගකීමකි.
රළ









