‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’ ජනතා වැඩසටහන යටතේ නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය අද (03) දින සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් විවෘත කර තිබේ.

එම දුම්රිය ස්ථානයට අදාළ අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සමූහ ව්‍යාපාරයේ මුදලින් සිදු කර ඇති බව පැවසේ.

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක පහසුකම් ඉහළ නංවමින් නවීකරණය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම නවීකරණය සිදුව තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් හා මෙහෙයවීම මත, පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්ව සේවා හා මූල්‍ය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනු ලබන බව පැවසේ.

ඒ අනුව, පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් ලක්ෂ 350 ක මූල්‍ය දායකත්වයක් සපයා තිබේ.

ඩඩ්ලි සිරිසේන යනු මේ රටේ සහල් මාෆියාව ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන කුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මෙම මාෆියාව හරහා රටේ ගොවීන් මෙන්ම පාරිභෝගිකයන්ද සූරාකෑමට ලක්වේ. බලයට පත්වූ විගසම සහල් මාෆියාව අවසන් කිරීමට පොරොන්දු වූ NPP ආණ්ඩුව එය අවසන් කිරීම පසෙක තබා ඩඩ්ලිලා සමඟ ඉතා සමීපව කටයුතු කරනු දක්නට ලැබේ. ඔහුගේ අරලිය හෝටලය සම්බන්ධ සිදුවීමේදී ද එය දක්නට ලැබුණි. දැන් ඔහු තමන්ගේ මුදල් ජනතාව වෙනුවෙන් වියදම් කරන බව පෙන්වන්නට උත්සාහ කරන බව පෙනේ. මෙවැනි පුද්ගලයන් සොච්චමක් වියදම් කර මීට වඩා දහස් ගුණයක ලාභ ලබන බව ජනතාව දැනගත යුතුය.

Share post:

Popular

More like this
Related

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...