මර්වින් සහ ප්‍රසන්න කූටලේඛන සැකසූ කිරිබත්ගොඩ ඉඩම් නඩුවේ අධිචෝදනා බාරදෙයි. 

රජයට අයත් ඉඩමක් කූඨලේඛන සකසා අත්පත් කර ගැනීමේ චෝදනාවට අදාළව මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු පස් දෙනකුට අද ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා භාරදෙනු ලැබුවා.

මෙසේ කූඨලේඛන සකසා අත්පත් කරගෙන ඇත්තේ කිරිබත්ගොඩ නගර මධ්‍යයේ මහා මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමකි .  එය පර්චස් හතළිහක වපසරියකින් යුක්තය 1980  දශකයේ ලියන ලද බවට ව්‍යාජ ලෙස තොරතුරු ඇතුළත් කොට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව පෙන්වීමට මොවුන් උත්සාහ දරා තිබේ.   ඉඩමට අයත් රෙජිස්ටර් කාර්යාලයේ පැරැණි ලිපි ගුණු පවා කූට ලෙස වෙනස් කර ඇති බව විමර්ශනය වලදී හෙළි වී තිබේ.

2025 මාර්තු 5 වන දා මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මර්වින් සිල්වාව අත්අඩංගුවට ගත් අතර චෝදනා ලැබ සිටි ප්‍රසන්න රණවීර විමර්ශන මගහරිමින් සැඟව සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සැඟව සිටි ප්‍රසන්න රණවීර 2025 මැයි හත්වන දා අධිකරණයට භාර විය.

මෙම සිද්ධියට අදාළ නඩුව ජුනි 15 දා  ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු  කරනු ලැබුවා .ඉන් අනතුරුව ඉදිරිපත් වී තිබෙන කරුණු සලකා බැලීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරිය ඔවුන් හයදෙනාගේම විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරීමට නියම  කර තිබුණා .

මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මෙල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ යන අය වන අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියා.  නැවත මෙම නඩුව සැප්තැම්බර් මස 01 වැනිදාට  කැදවීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...