අනුරගේ ජනප්‍රියතාවය තවමත් ඉහළින් තියෙනවලු

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැබූ 29.4%ක අවම ප්‍රසාද ප්‍රතිශතය අභිබවා යමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පවතින මහජන විශ්වාසය 75.5%ක් වැනි ඉහළම මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) සමාජ දර්ශක අංශය මඟින් නිකුත් කළ නවතම වාර්තාව (Confidence in Democratic Governance Index) හෙළි කරයි.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240 දෙනෙකු ඇසුරින් මෑතකදී පවත්වන ලද මෙම දීපව්‍යාප්ත සමීක්ෂණයට අනුව, විපක්ෂ නායකයාගේ කාර්ය සාධනය පිළිබඳව 64.9%ක් වැනි බහුතරයක් සිය අකමැත්ත පළ කරද්දී, ජනාධිපතිවරයා කෙරෙහි අතෘප්තිය පළ කර ඇත්තේ 23.3%ක් වැනි සුළු පිරිසක් පමණි.

මෙහිදී බොහෝ පාර්ශව විශේෂ ලෙස සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක කෙරෙහි මලෙයග තමිල් ජනතාව අතර (94.4%). මුස්ලිම් ජනතාව අතරින් 93.4%ක් සිය කැමැත්ත පළකර තිබීම සම්බන්ධයෙනුයි.

රජය විසින් ජීවන වියදම කළමනාකරණය කරන ආකාරය පිළිබඳව මහජන මතය සම සමව බෙදී පවතී. එහිදී 45.3%ක් රජයේ ක්‍රියාකලාපය අනුමත කරද්දී, 44%ක් ඊට සිය අකමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගෙන් 64.1%ක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වන නමුත්, එම ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු යැයි විශ්වාස කරන්නේ 23.6%ක් පමණි. මීට අමතරව, 67%ක පිරිසක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකා තිබේ.

කෙසේවෙතත් මෙම සමීක්ෂණ ප්‍රථිපල දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක එකතුවකින් පැවැත්වූ මාධ්‍ය හමුවකින් පසු නිකුත් වීමද විශේෂත්වයකි. කරුණු තුනක් සම්බන්ධයෙන් එනම්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ආණ්ඩුවට බල කිරීම, පළාත් සභා ඡන්ද විමසීම් කඩිනමින් පැවැත්විය යුතු බවට ආණ්ඩුවට බල කිරීමට හා රාජ්‍ය මැදිහත් වීම මත උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාවට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කිරීමට ඔවුන් තීරණය කර තිබුණි.

එසේම පසුගියදා නිකුත් කළ ලෝක බැංකු වාර්තාවක් හරහා රටේ ජනතාව කොතරම් දුරට දුප්පත්කමට ගොදුරුවී ඇති බවද හෙළිවිය. ආණ්ඩුව මෙවැනි සමීක්ෂණවලින් එදාවේල දේශපාලනය කිරීමට උත්සාහ කරනු ඇත. නමුත් මේ තත්ත්වය එකලෙස නොපවතින බව ආණ්ඩුව සිතිය යුතු බව පෙනේ. මන්ද ජනතාව විසින් එළවා දැමූ පරණ බලවේග විවිධ ස්වරූපයෙන් නැවත හිස ඔසවනු දක්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...