මානව හිමිකම් කොමිසමට මීගමුවෙන් මාරු කළ රැඳවියන් බලන්න වැලිකඩට යන්න දීලා නැහැ

Date:

මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු එහි සිටි රැඳවියන් පිළිබඳ සොයාබැලීම සඳහා හදිසි පරීක්ෂාවක් සිදුකිරීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබේ.

ජූලි 7 වන දින රාත්‍රී 8.30 ට පමණ හදිසි පරික්ෂා කිරීමක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට තුළට ඇතුල්වීමට ඉඩ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ල පළ කර ඇති අතර , එම ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කරන බවත් වධහිංසා සහ අයුතු ලෙස සැලකීම පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට ඇති බලය ප්‍රතික්ෂේප කිරීමක් බවත් කොමිසම පැවසීය.

පසුදා ප්‍රවේශය ලබා දුන්නද, සිදුවූ ප්‍රමාදය නිසා කාලෝචිත පරීක්ෂණයක් පැවැත්වීමේ අවස්ථාව අහිමි වූ බව කොමිසම පැවසීය.

බන්ධනාගාරයට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ තත්වයන් පැහැදිලි කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කිරීම) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කැඳවා ඇති බව මානව හිමිකම් කොමිසම පැවසීය.

මානව හිමිකම් කොමිසම මේ බව පවසා ඇත්තේ අද නිකුත් කළ නිවේදනයකයි.

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසුව අනෙකුත් බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ගැටුම්වලට තුඩු දුන් තත්වයන්, රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල සහ වධහිංසා පැමිණවීම් සහ අයුතු ලෙස සැලකීම් පිළිබඳ චෝදනා කෙරෙහි අවධානය යොමු කර ඇත.

නිවේදනයේ දැක්වෙන පරිදි, බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර පහසුකම් වෙත මාරු කරන ලද රැඳවියන් දෙදෙනෙකුගේ මරණ පිළිබඳව ද විමර්ශනය සිදු කෙරේ.

තමන් කිසිදු නිගමනයකට එළඹ නොමැති බවත්, රැඳවියන්ගෙන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශ ඇතුළු සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බවත් කොමිසම අවධාරණය කර සිටියි.

මේ අතර මීගමුව බන්ධනාගාරයෙන් මාරු කර යැවූ රැඳවියන්ට කිසිදු හිංසනයක් සිදුව නැති බවට එක්තරා පෞද්ගලික නාලිකාවක් විසින් පුවතක් වාර්තා කර තිබුණි. මානව හිමිකම් කොමිසම පවසන්නේ එම කොමිසම එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...