දුමින්ද හුලන්ගමුවට BOI සභාපති ධූරය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඔහුගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත්කර තිබේ.

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න හා කේඒ විමලේන්තිරාජා පත්කර ඇත.

මෙම පත් කිරීම්වලට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජුනි 30) ඔවුන්ට බාරදී ඇත.

මෙම පත්කිරීම පිළිබඳ සිය facebook ගිණුමේ ආචාර්ය අමාලි වෙදගෙදර පහත සටහන බෙදාගෙන තිබේ.

“හුලංගමුව ජනාධිපතිතුමාගේ නිල උපදේශකයෙක් විදිහට පත් කරපු වෙලාවේ NPP ආධාරකරුවෝ කිව්වේ, ‘ඕක නමට විතරක් දාපු තනතුරක්, ඕකෙන් කිසිම බලපෑමක් හෝ බලයක් ලැබෙන්නේ නැහැ’ කියලා. ඊට පස්සේ එයාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට යෝජනා කරපු වෙලාවේ, මේ ආධාරකරුවෝ මුලින්ම ඒකට විරුද්ධ වෙලා සද්දයක් දැම්මා.
හැබැයි දැන් හුලංගමුව BOI එකේ සභාපති තනතුර දක්වාම ඉහළට ගිහින් තියෙනවා. බලයක් නැති නිකම්ම නිකන් උපදේශකයෙක්ගේ ඉඳලා, තීරණ ගන්න පුළුවන් සහ බලපෑමක් කරන්න පුළුවන් තැනකට එයා ඇවිල්ලා.
NPP ආධාරකරුවන්ට තමන්ගේ ආණ්ඩුව ලවා වාමාංශික දේශපාලන ප්‍රතිපත්ති ටික ආරක්ෂා කරගන්න බැරි වෙච්ච තැන, හුලංගමුව තමන්ගේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ ටික කිසිම බාධාවක් නැතුව ඉස්සරහටම කරගෙන යනවා.”

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *