Breaking News

‘ෂර්ලොක් හෝම්ස්’ නාමල්

නාමල් රාජපක්ෂලා මේ දිනවල පන පොවමින් සිටින්නේ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයටයි. එනම් රටේ සිදුවන විශේෂ මරණ සම්බන්ධයෙන් විමර්ශනවලින් තොරවම නිගමන ලබාදීමයි.

මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට අබිරහස් ඝාතන සහ මරණ තර්ජන තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කරුණු රැසක් අනාවරණය කර තිබේ .

අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා

නීතිය නමනවා තර්ජනය කරනවා

ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරු කරගන්න කටඋත්තර ලියාගන්න හදනවා

ආණ්ඩුවේ උවමනාව ඉෂ්ඨ කරේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරනවා

ඔවුන් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශ දෙනවා සාක්ෂි තියෙනවද සංවිධානාත්මකව සැලසුම් සහගතව ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන්ව මර්ධනය කරන්න ජීවිතයෙන් හරි කමක් නෑ මර්ධනය කරන්න පුළුවන් තැනට ආණ්ඩුව පත්වෙනවා

යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (09) දින කුරුණෑගල හිරියාල පැවති ජනහමුවක් අමතමිනි.

මේ පසුගිය කාලයේ සිදුවූ විශේෂ මරණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පැවැත්වීම අතවශ්‍ය කටයුත්තකි. බලපෑම් කල යුත්තේ ඒ සඳහායි. නමුත් ඒ වෙනුවට දැන් පාර්ලිමේන්තු විපක්ෂය තමන් මේ සම්බන්ධ විමර්ශන සිදුකළ ආකාරයට අදහස් දක්වමින් සිටියි. විදුලි බිල වැඩිවීම්, ගෑස් මිල වැඩිවීම හමුවේ ජීවන බර වැඩිවීම ගැන ඔවුන්ට ගානක් නැත. ඒ වෙනුවට විද්‍යාත්මකව කලයුතු විමර්ශන හමුවේ එළඹිය යුතු නිගමන ගැන නොසළකා තමන්ට හිතෙන හිතන් ආකාරයෙන් නිගමන ඉදිරිපත් කරමින් සිටියි.

leave a reply