වර්ජනය අවස්ථාවේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.

බිළිඳෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික විමර්ශනයක් ආරම්භ කර තිබිණි. අදාළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයේදී මවක අප්‍රේල් 09 වනදින පෙරවරු 8.45ට පමණ දරු ප්‍රසූතියේදි දරුවාට අසූචි පෙවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නේවාසික වෛද්‍යවරිය අවස්ථා 06ක් දැනුවත් කර තිබුණද ඊට සහභාගී නොවී රාජකාරි පැහැර හර ඇති බවත්ය.

එමෙන්ම එම දරු ප්‍රසූතිය සඳහා සහභාගී නොවීමෙන් ඇයගේ කුසේ සිටි දරුවාට අනතුරක් සිදුවීමට ඉඩ හැරීම හා එම කාලය තුළදීම ආසන්න පෞද්ගලික රෝහලක වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමට අදාළ වෛද්‍යවරයා සහභාගී වී ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, රාජකාරි වේලාවේදී පෞද්ගලික සේවයේ යෙදීම යන චෝදනාවද තහවුරු වී ඇති අතර එම අවස්ථාවේදී රෝහලේ රාජකාරි සිදුකළ බවට දිනපොතේ අසත්‍ය සටහනක් යෙදීම යන කරුණුද අනාවරණය වී තිබේ.

මෙලෙස ඔවුන් විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියා හේතුවෙන් මෙම වැඩ තහනමට අදාළ වෛද්‍යවරුන් ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පියවර ගෙන ඇත.

මෙම ප්‍රසව හා නාරිවේද විශෙෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති බවද වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි සංගම් ගොඩනගාගෙන තිබෙන බලය හරහා රෝගීන් ඇපයට තබා ගනිමින් තම ඉල්ලීම් ලබාගන්නා බවට නිරන්තරයෙන් චෝදනා නැගේ. එසේම මෙම වර්ජනය අවස්ථාවේ එම සංගමය පැවසුවේ අත්‍යවශ්‍ය රෝගී සේවා කටයුතුවල තමන් නිරතවෙන බවයි. එසේම මේ වර්ජනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වූවේද නොසළකා හැරීමයි. අවසානයේ එය වෛද්‍ය සංගමය හා ආණ්ඩුව අතර කඹ ඇදිල්ලක් බවට පත්විය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...