තමන්ගෙ කාලෙ අඩු කරපු නැති බදු දැන් අඩුකරන්නලු

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි අනෙකුත් රටවල් අනුගමනය කරමින් ඉන්ධන සඳහා බදු අඩු කිරීමෙන් ජනතාවට සහන ලබා දෙන ලෙස අද විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් රජයෙන් ඉල්ලා තිබේ.

හිටපු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ වත්මන් මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී රජයෙන් මෙම පොදු ඉල්ලීම සිදුකර තිබේ.

මේ සියලු දේශපාලනඥයින් පසුගිය ආණ්ඩුවල විවිධ තනතුරු දැරූ අයවලුන් වේ. එම ආණ්ඩු සමයේ තෙල් මත අයකරන බදු කිසිදු අවස්ථාවක අඩුකිරීමට කටයුතු නොකරන ලදී.

දැන් විපක්ෂයේ සිටියදී ඔවුන්ට ජනතාව පෙලන බදු ගැන මතක් වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...