තමන්ගෙ කාලෙ අඩු කරපු නැති බදු දැන් අඩුකරන්නලු

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි අනෙකුත් රටවල් අනුගමනය කරමින් ඉන්ධන සඳහා බදු අඩු කිරීමෙන් ජනතාවට සහන ලබා දෙන ලෙස අද විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් රජයෙන් ඉල්ලා තිබේ.

හිටපු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ වත්මන් මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී රජයෙන් මෙම පොදු ඉල්ලීම සිදුකර තිබේ.

මේ සියලු දේශපාලනඥයින් පසුගිය ආණ්ඩුවල විවිධ තනතුරු දැරූ අයවලුන් වේ. එම ආණ්ඩු සමයේ තෙල් මත අයකරන බදු කිසිදු අවස්ථාවක අඩුකිරීමට කටයුතු නොකරන ලදී.

දැන් විපක්ෂයේ සිටියදී ඔවුන්ට ජනතාව පෙලන බදු ගැන මතක් වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...