‘විධායක’ ජනාධිපතිට කුණුහරුපෙන් බනින්න බැහැලු

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා තිබේ.

ඔවුන් මාරු කිරීමට හේතුව විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීමයි.

ඊයේ (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පුදගලික බස් රථයක ආසන පටි නොමැතිවීමෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් ඇතිව ඇත.

එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.

ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් බස් රථයේ පැමිණි පිරිස පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

මේ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා විවේචනය කරත් සිරගත වීමට සිදුවෙනු ඇතිද යන්න සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් සිටියි.

ජනාධිපතිවරයා යනු උත්තරීතර පුද්ගලයෙකු නොවේ. ඔහුව විවේචනය කිරීමට රටේ ඕනෑම පුරවැසියෙකුට පුළුවන් විය යුතුය. කිසිවෙකුට පරුෂ වචනයෙන් බැනවැදීම සුදසු නැති වුවත් මෙවැනි කුඩා සිදුවීමක් සිරගත කිරීමක් දක්වා ගෙන යාම ගැන බොහෝ පිරිසක් ප්‍රශ්න කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...