පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද, පෙබරවාරි 16 දින පෙරවරු 10.00ට නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ, අංක 22/1 ස්ථානයේ පිහිටි පෙ.ස.ප. කාර්‍යාලයේදී පැවැත්වුණි. පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා ඇතුළු මධ්‍යම කාරක සභාවේ සහෝදර සහෝදරියන් එයට සහභාගී වූ මෙම විශේෂ මාධ්‍ය හමමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා අදහස් පල කරමින් කියා සිටියේ ,
” අවුරුදු 76ක් තිස්සේ මේ රට තට්ටු මාරු ක්‍රමයට පාලනය කලේ ප්‍රධාන දේශපානලන කල්ලි දෙකක්. නමුත් ඒ තට්ටු මාරු දේශපානලනයට තිත තියලා මේ රටේ ජනතාව 2024 අවුරුද්දෙ ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී තීරණයක් ගත්තා නව දේශපානලන ව්‍යාපාරයක් බලයට පත් කරන්න. මේ වෙනසට ඍජුවම බලපෑවේ ආර්ථික අර්බුදයත් එක්ක 2022 ඇතිවුණු මහජන අරගලය. මහජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ කරපිට බදු පිට බදු පටවමින් මේ රටේ පාලකයෝ ගෙන ගිය අධිරාජ්‍ය ගැති නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵල විදිහට රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වුණා. එතනින් පස්සේ තමයි ජනතාව තීරණය කලේ මේ 76 වසරක ශාපය අවසන් කරන්න ඕන කියලා.
හැබැයි දැන් ඒ 76 වසරක ශාපය අවසන් කරලා බලයට ගෙනාව නව දේශපානලන ව්‍යාපාරය දිහා අපි නැවත වටයකින් හැරිලා බලනකොට අපිට වෙනසක් පේන්නෙ නැහැ. මේ ආණ්ඩුව බලයට එනකොට කියපු ප්‍රධාන කාරණයක් තමයි දේශපානලන සංස්කෘතියේ වෙනසක් ඇති කරනවා කියන එක. නමුත් දැන් අපිට පේනවා කිසිඳු වෙනසක් නැතුව ජනතාවට බොරු කියමින් ජනතාව මුළාවට පත් කරමින් ආණ්ඩුව සුපුරුදු තැටියම වාදනය කරමින් යන විදිහ. රාජ්‍ය ප්‍රතිපත්ති දිහා බැලුවම විශේෂයෙන්ම මේ අවුරුද්දෙ අයවැය ලේඛනය දිහා බැලුවම පවා අපිට අර මුලින් හිටපු පාලකයන්ගේ ප්‍රතිපත්තියෙන් කිසිඳු වෙනසක් පේන්නෙ නැහැ. මේ වෙද්දිත් IMF එකේ ප්‍රතිපත්තිවලට අනුව ජනතාවගේ කරපිට විශාල බදු බරක් පැටවිලා ඉවරයි. එහෙම ජනතාවට බදු බර පටවන ගමන් මේ රටේ ධනපති පන්තියට මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පුලුවන් තරම් බදු සහන දෙමින් යනවා. ලෝක බැංකුවේ වුවමානාවන් අනුව නිදහස් අධ්‍යාපනය විකුණන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්මත කරන්න මේ ආණ්ඩුවත් පටන් අරගෙන ඉවරයි. අධ්‍යාපනයට වෙන් කරන වියදම් ක්‍රමයෙන් කප්පාදු කරන ගමන් ග්‍රාමීය පාසල් 3000කට වඩා වහන්න සැළසුම් කරමින් යනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ටික විසඳන්න තවම වැඩපිළිවෙළක් නැහැ. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ටික නැහැ. වෛද්‍ය උපකරණ නැහැ. විදුලිබිල දවසින් දවස වැඩි කරන්න සැළසුම් එනවා. තෙල් ටික ගෑස් ටික දවසින් දවස වැඩි වෙමින් යනවා.
අනිත් පැත්තෙන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය දිහා බැලුවමත් අපිට කිසිඳු වෙනසක් පේන්නෙ නැහැ. ආණ්ඩුව මේ වෙද්දිත් ඉන්දියානු ගැති ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. එක පැත්තකින් අපේ රටේ ඉඩම් ටික ඉන්දියාවට විකුණනන්න සැලසුම් එනවා. අද වෙද්දිත් ත්‍රීකුණාමලේ , මන්නාරමේ අක්කර දහස් ගණනක් ඉඩම් ඉන්දියාවට විකුණන්න සූදානම් කරලා ඉවරයි. ඒ සඳහා මේ ඉඩම්වල ඉන්න ගොවියන්ව ධීවරයන්ව බලහත්කාරයෙන් ඔවුන්ගේ ඉඩම්වලින් එලවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අනිත් පැත්තෙන් ඉන්දියාව එක්ක පසුගිය කාලේ රහසිගත ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. ඒවගේ තියෙන්නේ මේ රටේ ආරක්ෂාව බලශක්ති ස්වාධීපත්‍ය අහිමි කරලා ඉන්දියාව ඉස්සරහා දණ නවන යෝජනා. අනිත් පැත්තෙන් අපේ රටට බාල බෙහෙත් ගෙන්නලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ගිවිසුම් මේවට ඇතුළත්. අදටත් මේ අත්සන් කරපු ගිවිසුම් මේ රටේ ජනතාව හෝ පාර්ලිමේන්තුවට හෙළි කරලා නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඉන්නේ IMF එකේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය. දැන් ආණ්ඩුව IMF එක කියන ඕනෑම දෙයක් කරන්න තරම් දුර්වල තත්වයට පත් වෙලා. තව පැත්තකින් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉස්සරහ කිසිඳු හිරිකිතයක් නැතුව ආණ්ඩුව දණගහලා ඉවරයි.
මේ සියල්ලම එක්ක ආණ්ඩුව දන්නවා ඉස්සරහට රටපුරා මහජන විරෝධතාවලට මුහුණ දෙන්න සිදුවෙන බව. මොකද ජනතාවගේ අධ්‍යාපන අයිතිය සෞඛ්‍යය අයිතිය කප්පාදු වෙද්දි, දවසින් දවස ජීවන බර වැඩි වෙද්දි ජනතාවට සඨන් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට ETF, EPF අරමුදල් විනාශ කරණකොට මේ රටේ කම්කරුවන්ට ඉතුරු වෙන්නේ සඨන් කිරීම විතරයි. මේ ගැන පූර්ව තක්සේරුවක් තියන නිසා තමයි ආණ්ඩුව PSTA වගේ මර්දන පනත් අරගෙන එන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ මර්දන පනත අහෝසි කරනවා කියලා බලයට ආව ආණ්ඩුවක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ඉතිහාසයක් පුරාවටම සඨන් කරපු දේශපානලන ව්‍යාපාරයක් දැන් තිබුණටත් වඩා භයානක මර්දන පනතක් ගැසට් කරලා. අනික් පැත්තෙන් ඩිජිටල්කරණය මුවාවෙන් ජනතාවගේ පෞදගලික තොරතුරු සංවේදී ජෛවමිතික දත්ත සොරාගන්න ගෙනාව ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධ කතාවත් තවම අවසන් නැහැ.
මෙන්න මෙවැනි තත්වයක් එක්ක තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි අපේ හතරවෙනි ජාතික සමුළුව පවත්වන්න සැලසුම් කරමින් ඉන්නේ. එළඹෙන මාර්තු 1 වෙනිදා ” පන්තියට බලය – බලයට පක්ෂය ” කියන තේමාවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අපේ සමුළුව පවත්වන්න මේ වෙද්දි සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි. අපි දැක්කා සුද්දන්ගෙන් කළු සුද්දන්ට බලය මාරු වෙන විදිහ. ඊටපස්සෙ ප්‍රභූ කඳවුරෙන් නිර්ප්‍රභූ කඳවුරකට බලය මාරු වෙනවත් අපි දැක්කා. හැබැයි ඒ කිසිඳු බල මාරුවක් මේ රටේ නිර්ධන පන්තියට, රටේ බහුතර පොදු ජනතාවට කිසිඳු සුගතියක් අත්කරලා දීලා නැහැ. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි හිතනවා මීළඟට උදාවෙන දේශපානලන මොහොත මේ රටේ නිර්ධන පන්තියට දේශපානලන බලය ආර්ථික බලය හුවමාරු වෙන මොහොතක් විය යුතුයි කියලා. ඒ ඔස්සේ තමයි මේ රටේ ජනතාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික ප්‍රශ්නය විසඳන පාර තියෙන්නේ. එහෙම බලයක් ඇතුළේ තමයි නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ආරක්ෂා වෙන්නේ. වතුකරයේ මලෛයහ තමිල් ජනතාවට ඉඩමක් නිවසක් නැහැ. උතුරේ දෙමළ ජනතාව නැගෙනහිර මුස්ලිම් ජනතාව දවසින් දවස පීඩාවට පත්වෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ මේ ජාතික පීඩනයට විසඳුම් දෙනවා කියලා. හැබැයි අපිට පේන්නෙ නැහැ එහෙම ජාතික ගැටළුව විසඳන්න අදාළ මැදිහත් වීමක් ආණ්ඩුව පැත්තෙන් වෙනවා. ඒ නිසා දැන් අර පැරණි පොහොට්ටුවේ ජාතිවාදී දේශපානලන කල්ලි නැවත හිස ඔසවමින් යනවා. ඒ ජතිවාදී වියරුව පරාජය කළ හැකි ශක්තිමත් දේශපානලන වැඩපිළිවෙළක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි මෙවර සමුළුවට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ වගේම IMF සහ ලෝක බැංකුවේ ජන පීඩක නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අපි දැනටමත් සාකාච්ඡා කරමින් යනවා. තව පැත්තකින් ඉන්දියාව ඉස්සරහ දණ නවන ඇමරිකානු අධිරාජ්‍යවාදයට කත් අදින ආණ්ඩුවේ දීන විදේශ ප්‍රතිපත්තිය පරජය කරන්න අවශ්‍ය මහජන අරගලය අපි ශක්තිමත් කරමින් යනව. අපි හිතනවා මේ මහජන බලය ගොඩනැගීම පක්ෂයකට තනියම කරන්න පුලුවන් කමක් නැහැ. අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ මහජන ව්‍යාපාරයක්. ඒ සඳහා ජන අරගල සභා, ගොවි ව්‍යාපාර, මහජන කවුන්සිල්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ශක්තිමත් කරන දේශපානලන වැඩපිළිවෙළකට අපි අවතීර්ණ වෙලා ඉන්නේ. ඒ නිසා මේ සියල්ලම එක්ක අපි හිතනවා මේ රටේ ජනතාව අප වටා එකතුකරගන්න අපිට පුලුවන් කමක් තියනවා කියලා.
මේ වෙද්දි ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලකඳවුරු ඉන්නේ ලෝකය බෙදාගැනීමේ අමානුෂික යුද්ධයකට අවතීර්ණ වෙලා. අද ගාසා තීරයේ සහ යුක්‍රේනයේ සිදුවෙන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ මනුෂ්‍ය ඝාතන දවසින් දවස ඉහළ යනවා. නැතිවෙමින් යන ඇමරිකානු ආර්ථික දේශපානලන බලය රැකගන්න මේ වෙද්දි ඇමරිකාව ඕනෑම අපරාධයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මෙහෙම තත්වයක් එක්ක අපි හිතනවා අධිරාජ්‍යවාද්‍යට විරුද්ධ ශක්තිමත් වාම ව්‍යාපාරයක් ගොඩනගන්න ඕන කියලා. ඒ ජාත්‍යන්තර වාම ව්‍යාපාරය නූතන වාමාංශයක් විය යුතුයි. ඒ සඳහා රටවල් ගණනාවක වාමාංශික දේශපාලන පක්ෂ, දේශපානලන ව්‍යාපාර එකමුතු කරගන්න අපි සූදානම්. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙවර සමුළුව කියන්නේ ඒ ජාත්‍යන්තර නියෝජනයත් මැදිහත් වෙන සමුළුවක්.
ඒ නිසා මේ රටේ සියලු වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට, නිර්ධන පන්තියේ සියලු ජනතාවට, මේ රටේ ආර්ථික දේශපානලන වෙනසක් අපේක්ෂා කරන්න සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මාර්තු 1 කොළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වෙනි ජාතික සමුළුව සමග එකතුවෙන්න කියලා. “






