විපක්ෂයේ කෝඳුරු තෙල් හත් පට්ටයයි ටිකයි විශ්වාසභංග 

අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනිය අමරසූරියට එරෙහි විශ්වාසභංගයක්  යෝජනාවක් සඳහා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද අත්සන් තැබුණා. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් කරුණාතිලක පවසන ආකාරයට මෙම විශ්වාස භංගය ගෙන ඒමට මූලික වී තිබෙන්නේ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව නිකුත් කර ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳව ගැටලුව ඊට අදාළ කාරණා කීපයකි .

ජනවාරි 6 නදා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පවත්වා තිබෙන අතර එහිදී මේ පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙනවා . ඒ අනුව අද  පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල නායකයන්ගේ සහ නියෝජිතයින්ගේ හමුවක් පැවැත්වී තිබෙන අතර  එහිදී මෙම විශ්වාස බංගයට අත්සන් තබා තිබේ . විපක්ෂ නායකවරයා මුලින්ම ඊට අත්සන් තැබූ අතර සෙසු න් පිරිස ඉන් අනතුරුව අත්සන් තැබීම සිදුකරනු ලැබීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...