ජාන්නි රොදාරිගේ ළමා කතන්දර 

Date:

ජාන්නි රොදාරි  පිළිබඳව අපි ඔහුගේ කාව්‍ය පරිවර්තන ඔස්සේ කතාබහ කළා.ඔහුගේ දහසකුත් කාව්‍ය නිර්මාණ අතරින් අපට පරිවර්තනය කොට ඔබට පිරිනමන්නට හැකි වුණේ අල්පයකින් අල්පයක් පමණ වූ නිර්මාණ කීපයකි. ළමා යොවුන් සාහිත්‍යය අරභයා ඔහුගේ නිර්මාණ පරාසය පුළුල් එකකි. ඉතාලි යොවුන් ළමා සාහිත්‍යයේ ප්‍රමුඛ බුද්ධිමතා ජාන්නි රොදාරි ය.

“ මජිකාමේතේ ” පොතේ ජාන්නි රොදාරි  පිළිබඳවත් “ මජිකාමේතේ ” පොතට ලක්ෂාන් මධුරංග ලියන පෙරවදන කියවීමෙන් ඔබට ඔහුගේ කාව්‍ය ව්‍යාපෘතිය පිළිබඳවත්  යම් අදහසක් ලබා ගැනීමට පුළුවන් වේවි.

ජාන්නි රොදාරි ගේ කවිය පිළිබඳව යම් අදහසක් තියෙන  පාඨක ඔබට අප මේ සූදානම් වන්නේ ඔහුගේ ළමා කතන්දර කිහිපයක් හඳුන්වා දෙන්නයි.

—————————

ගෙදර වැඩ කරන මැෂිම

අමුතු මිනිහෙක් දවසක් අපේ දොරට තට්ටු කළා . විහිළුකාර පෙනුමක් ඇති ඒ මිනිහා ගිනිකූරු දෙකක් තරම්වත් උස නැහැ . ඔහු කරේ එල්ලාගෙන සිටි බෑගය ඔහුට වඩා ලොකු එකක් .

– මං ළඟ තියෙනවා විකුණන්න මැෂින්. ඔහු පැවසීය

– පුළුවන්ද බලන්න. තාත්තා ඇසීය

මේ තියෙන්නේ . මේ මැෂිම ගෙදර වැඩ කරන එකක්. රතු බොත්තම ක්‍රියාත්මක කළොත් ප්‍රශ්න ගැටලු විසඳනවා . මේ පුංචි කහ බොත්තම තේමා රචනා  ලියා දෙනවා . කොළ බොත්තමෙන් භූගෝල විද්‍යාව කියාදෙනවා . එක විනාඩියෙන් මැෂිම සියලු දේ විසඳනවා .

– තාත්තේ, මට ඒක අරන් දෙන්න! මම කිව්වා.

– හොඳයි. ඔය මැෂිම කීයක් වෙනවද ?

– මට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. කොට මිනිසා පැවසීය

– කවුරුත් නිකන් ඉන්න බැරිකමට දේවල් කරන්නේ නැහැ  නේ .

– ඇත්ත … මං කරන්නේ හුවමාරුවක් . මගේ මැෂිමට උඹේ පුතාගේ  මොලය මට ඕනා .

– උඹට පිස්සුද? තාත්තා කෑ ගැසුවාය .

– මේක අහන්න මහත්මයා ,  කොට මිනිසා සිනාසෙමින් මෙසේ  පැවසිය .  මැෂිම ගෙදර වැඩ කරනවනම්  මොලයෙන්  ඇත්තේ මොන ප්‍රයෝජනයක්ද ?

– තාත්තේ මැෂිම මිලදී ගන්න . මම ඔහුගෙන් අයැද සිටියේය . මම පුතාගේ මොළයට කුමක් කරන්නද? විහිළුකාර පෙණුමැති මිනිසා ඇසිය  – මදක් මා දෙස බලා සිටි තාත්තා ඔබ ඔහුගේ මොළය ගන්න යැයි පැවසීය .

පුංචි මිනිසා මගේ  මොළය ගෙන ඔහුගේ  මල්ලට දමා  ගත්තාය. මොළය නැතිව  මම සැහැල්ලුවෙන් කාමරය ඇතුලේ පාවෙන්නට විය . තාත්තා මාව අල්ලා නොගත්තානම් පාවී ජනේලයෙන් එළියට යන්නට තිබුණි. 

– ඔහුව කූඩුවකට දමා තියන්න වෙයි . පුංචි මිනිසා පැවසීය .

-ඒ මොකටද තාත්තා ප්‍රශ්න කලා

“එයාට දැන්  මොළයක් නැහැ, ඒකයි…. ඔයා එයට  ඉබාගාතේ යන්න දුන්නොත්, පොඩි කුරුල්ලෙක් වගේ කැලේට පියාඹලා යයි, දවස් කිහිපයකින් එය බඩගින්නේ මැරෙයි!”

තාත්තා මාව  පොල්කිච්චෙක් කූඩු කරන්නා සේ කූඩුවක දමා වැසුවාය. . කූඩුව පොඩියි, හිරයි, මට හෙල්ලෙන්න බැරි වුණා. කූඩුව හතර වටින් මා හිර කරමින් හැකිලෙන බවක් දැනුණි .

දෙවියන්ට  ස්තූතියි වන්ත වෙන්න ඒ බියකරු සිහිනයෙන් මම අවදි උනෙමි .  ඒක සිහිනයක් ම විතරයි! මම ඔබට සහතික වෙනවා, වහාම මගේ ගෙදර වැඩ කරන්න පටන් ගන්නවා .

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...