ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහනගර සභාවේ 2026 වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය පසුගිය විසි දෙවන දා පළමු වර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී පොදු විපක්ෂය විසින් පරාජයට පත්කරනු ලබනවා . විපක්ෂයට ඡන්ද 60 ත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්ද 57 ක් ලැබෙනවා . කොළඹ මහ නගර සභාවට අදාළව ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කරපු මංගල අයවැය එසේ පරාජයට පත් කරමින් පොදු විපක්ෂය ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කිරීමට මාධ්‍ය හමුවක් පවත්වා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තමන් බලය ඇල්ලූ බව ප්‍රකාශ කරමින් ඔවුන්ට බලය ලබා දී ජාතික ජන බලවේගයට ඉවත් වෙන්න කියා ප්‍රකාශද නිකුත් කළා .
කෙසේ වෙතත් නගර සභා ඡන්දයක් පැරදුණු පමණින් බලය හොබවන කණ්ඩායම බලය අත් හැරිය යුතු යැයි කියා නීතිමය සම්පාදන නොමැත .
මුජිබර් රහුමාන් ඇතුළු කණ්ඩායම එදා දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවද දෙවන වර ඡන්ද විමසීමේදී මේ අයවැය පරාජයට පත්වුණත් ඉදිරි වසර දෙකක් තුළ තවදුරටත් ජාතික ජනපලවේගයට බලය පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබෙන බව ඔවුන් දැන සිටියා . එය නීතියෙන් ලබා දී තිබෙන රැකවරණයකි.
ජාතික ජන බලවේගය දේශපාලන ඩීල් දමමින් බලය ලබාගත් බොහෝ ස්ථානවල අයවැය ඡන්ද පරාජයට පත්වුණද ඒ කිසිදු තැනක බලය අත්හැරීමට ජාතික ජන බලවේගයට සිදුවී නැහැ .. ඒ ඉහත ප්‍රකාශ කළ නීතිමය ආවර හේතුවෙනි .
ඊයේ කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නලින්ද ජයතිස්සගෙන් අසා සිටියා හෙට පවත්වන කොළඹ මහ නගර සභා ඡන්දය පිළිබඳව අදහස . ඔහු එහිදී පිළිතුර ලෙස ලබා දුන්නේ අපි බලමු යන්නයි . ඒ පිළිතුරේ ගැබ්වී තිබුණේ අවිනිශ්චිතභාවයකට වඩා දෙවන වර ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභා අයවැය ජයග්‍රහණය කරන බවයි .
අද ඡන්ද විමසීමෙන් පසු ප්‍රතිඵලය අනුව අයවැයට පක්ෂව ඡන්ද 58 ක් හා විපක්ෂව ඡන්ද 56 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ. දෙවන වර ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමෙන් සනාථ කරන්නේ ඩීල් දේශපාලනය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ජාතික ජනබලවේගය දායකත්වය සපයමින් බලය ලබාගැනීම සඳහා කටයුතු කරන බවයි .
පළමු වර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී විපක්ෂව ඡන්ද හැටක් ලැබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත නම් , ඒ ඡන්ද හැට නොවෙනස්ව දෙවන වතාවේදීද විපක්ෂව ලැබිය යුතුව තිබුණි. නමුත් එය එසේ නොවී දෙවනවර කියවීමේදී ඡන්ද දෙකකින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන්නේ එදා විපක්ෂව ලබා දුන් ඡන්ද දෙකක් ජාතික ජන බලවේගය පැත්තට ලබා ගැනීම හේතුවෙනි.
2025 අවසාන කරමින් 2026ට සුබ පතමින් ඩීල් දේශපාලන ඉදිරියට ගෙන යන්නට ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ සිට නව වසරට සුභ පතා ඇත.






