රක්වානේ ජාවාරම්කරුවන්ට නීති විරෝධී මැණික් කැනීමට බලය ලැබුණේ කොතනින්ද ?

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ සිංහරාජ, බෝටියතැන්න ප්‍රදේශයේ ප්‍රධාන වන පිවිසුමේ හා අලි මංකඩේ පිහිටි සන්නන්දොළ මායිමේ සරත් මාකාවිටට අයත් ඉඩමේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ රක්වානේ සුනන්ද දීපාල් නම් ව්‍යපාරිකයකු ය. ඔහු ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවට යැවීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකි. ඔහු මෙම දේශපාලන සම්බන්ධතා හා මුදල් බලය භාවිත කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙහෙයවීම සිදු කරන අතර පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට බලපෑම් කරමින් නීති විරෝධී කැණීම් කටයුතු සිදු කරනු ලැබේ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම යාන්ත්‍රික මැණික් පතල් කැණීම් භූමිය පරීක්ෂා කර බැලීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක නිලධාරීන්ට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදෙන අතර බැකෝ යන්ත්‍ර භාවිත කරමින් සිදු කරන නීති විරෝධී ක්‍රියා සඳහා සහය ලබා දෙන්නේ විශාල මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

සිංහරාජ පිවිසුමේ යාන්ත්‍රික මැණික් පතල් කැණීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහය

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...